ඇඳිරි නීතිය ඉවත්කිරීමත් සමග රටපුරා ජනතාව මහා මාර්ගවලට පිවිස විරෝධතා පවත්මින් සිටින බව අප ප්‍රා දේශීය වාර්තාකරුවන් පවසයි.
බලශක්ති, සංචාරක, විදේශ රැකියා සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවර්ධනයට බ්‍රිතාන්‍ය, දකුණු කොරියාව සහ ඊජිප්තුව යන රටවල සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බව අද (31දා) ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවීම් වලදී සඳහන් කෙරිණි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව තවදුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශය භාර ඉංජිනේරුවරුන් පැවසිය.
Read Moreරටේ වත්මන් අර්බුදයට යම් අස්වැසිල්ලක් ලබාදෙමින්,මන්නාරම අඩම්පන් පොලිස් ගොවියෝ සිය අක්කරයක කුඹුරේ කීරි සම්බා අස්වැන්න ඊයේ (28දා) නෙලා ගනු ලැබූහ.
Read Moreහාල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පවතින ආර්ථික අහේනිය නිසා දලුකාන ගම්මානයේ ආදිවාසි පවුල් 10 කට ආසන්න පිරිසක් දින කිහිපයක සිට දිඹුලාගල කන්ද සහ අවට කැලෑ පීරා මහ පොළොව හාරමින් කටු අල, ඇතුළු අල වර්ග ගෙනවිත් තම දරු පැටවුන් සමග බත් වෙනුවට තම්බාගත් අල වර්ග වලින් කුස පුරවා ගැනීමට සිදුව ඇති බව දලුකාන ආදිවාසී පවුල් සඳහන් කරති.
Read Moreතම බිරිඳ සම්බන්ධයෙන් නෙමනා විහිලුවක් කළ ඔස්කාර් නිවේදක ක්‍රිස් රොක් වෙත කනේ පහරක් එල්ල කිරීමට සුපිරි නළු විල් ස්මිත් කටයුතු කළේය.
Read Moreඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් 2022 මාර්තු මස 26 වන දින හ්‍රී ලංකාවට බටහිර මුහුදේදී ආරම්භ වූ අතර, මෙම නාවික අභ්‍යාසය 2022 මාර්තු මස 29 වන දින දක්වා පැවැත්වෙයි.
Read Moreවසර 54කට පසු කොළඹ ගුවන්තොටුපල ජාත්‍යන්තර තලයට ගෙන යෑමේ සහතිකය පිරිනැමීම සනිටුහන් කරමින් රත්මලාන පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ හා මාලදිවයින් අතර ගුවන් ගමන් අද (27දා)ආරම්භ කෙරිණි.
Read Moreසංචාරකයින්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකියි. ඊට ඇති බාධා ඉවත් කර ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මගින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
Read Moreහම්බන්තොට ප්‍රදේශයට ඔබ්බෙන්වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී ආපදාවට පත් විදේශීය රුවල් යාත්‍රාවක් නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට ඊයේ (22දා) නාවික හමුදාව කටයුතු කරන ලදී.
Read Moreරටේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සහ පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින් නිර්මාණය කොට තිබේ .
Read Moreවසර 50 කට පමණ පසු පාරිභෝගිකයන්ගෙන් චිමිනි ලාම්පු සහ අඟුරු ස්ත්‍රික්ක වලට විශාල ඉල්ලුමක් පවතින බවත්, ඒ අනුව චිමිනි ලාම්පු සහ අගුරු ස්ත්‍රික්ක අලෙවි කිරිම සදහා වෙළෙඳ පොළට රැගෙන ආ බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ
Read Moreමාස ගණනාවකට පසු නුවරඑලියේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම සදහා සමාගම විසින් නුවරඑලියට පැමිණි ලාෆ් ගෑස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගෑස් මිල දි ගැනිමට නුවරඑලිය ප්‍රදේශයේ ලාෆ් ගෑස් පාරිභෝගිකයන් අද (23දා) පියවර ගැනිණි.
Read Moreශ්‍රි ලංකාව කියන්නේ හොඳ රටක් ඒ වගේම හොඳ මිනිස්සු ඉන්නේ,අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා , එහෙම ආවම අපට අවශ්‍ය පහසුකම් කිසිවක් නොමැති බව, ජර්මනියේ සිට ලංකාවේ සංචාරයක් සදහා පැමිණි කාන්තාවක් ඊයේ (22දා) නුවරඑලියේදි පැවසිය.
Read Moreලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.
Read Moreදීර්ඝ කාලයක් තිස්සේ ජනතාවට විවෘත නොකර වසා දමා තිබූ ගාලු කොටුවේ පැරණි යුද අට්ටාල හෙවත් වෙඩි බෙහෙත් සහ පතොරම් ගබඩා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රතිසංස්කරණය කර ජනතාවට නැරඹීම සඳහා විවෘත කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීම නිමිත්තෙන් ආරම්භ කළ කොඩි දිනයේ පළමු කොඩිය ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සහකාර ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියම් මහත්මිය අද (21දා) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවූවාය.
Read MoreSail Lanka Yachting Group ආයතනය විසින් ශ්‍රී ලංකාවේ එක්ලැස් කර නිෂ්පාදනය කරන ලද ජලයේ හා ගොඩබිමේ දෙකහිම ධාවනය කල හැකි Iguana X100 යාත්‍රාව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එළිදැක්වීම කොළඹ වරාය නගරයේදී සිදුවිය.
Read More“දැයක් නගන සියක් නගර” සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරුණු බද්දේගම නගර අලංකරණ ව්‍යාපෘතිය පසුගිය 15 වන දින වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා විසින් ජනතා අයිතියට පත් කරනු ලැබීය.
Read Moreසීගිරියේ විදේශීය සංචාරකයන් පැමිණීම යම් මට්ටමකින් ආරම්භ වීමත් සමග රජය කරත්ත වලින් හා දැන්වීම් පුවරු වලින් බද්දක් අය කිරීමට ගෙන ඇති තීරණය නිසා සීගිරියේ සංචාරක කර්මාන්තය නැවත වරක් අඩපණ වීමේ අවදානමක් පවතින බව සෆාරි සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පවසති.
Read Moreසමගි ජන බලවේගය විසින් කොළඹදී පවත්වන විරෝධතාවයේ ජන හමුව ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ. විරෝධතා රැළියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව තිබේ.
Read Moreජනතාවට දිනෙන් දින එල්ලවන ජීවන බර හා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව පත්වී ඇති පීඩනයට ආණ්ඩුව වග නොකියන බැවින් ආණ්ඩුව වහාඉල්ලා අස්විය යුතු බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේපිරිසක් අද (14දා) අම්බලන්තොට නගරයේදී විරෝධතාවක් පැවැත්වූහ.
Read Moreඇමරිකානු නාවික හමුදාවට අයත්, Arleigh Burke-Class Destroyer වර්ගයේ නෞකාවන් වන USS FITZGERALD (DDG 62) නෞකාව අද (13දා) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11දා) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික ඉන්දු- ලංකා නාවික අභ්‍යාසය, (SLINEX) 2022 මාර්තු මස 07 වන දින සිට 10 වන දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගනයේ දී සහ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු තීරයේදී පවත්වන ලද අතර, එම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව සහභාගී විය.
Read Moreමේ අතර ඉන්ධන නොමැති වීමෙන් උතුරේ බොහෝ ඉන්ධනහල් ඉදිරිපිට ජනතාව පොලීම් ගැසී සිටින අතරම ඉන්ධන හිගයට රජය වගකිව යුතු බව පවසමින් එයට විරෝධය පා කිලිනොච්චියේ සහ මුලතිව්හි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කරත්තවලින් ඉන්ධන හල් වෙතට සහ මාසිකසභා සභාරැස්වීම් වෙතට පැමිණියහ.
Read Moreමාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු අද (07දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
Read Moreසමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම පක්ෂය කියයි. ඇතුල්කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැති විරෝධතාවක් අතර තුළදී මෙසේ ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එම පක්ෂය කියයි.
Read Moreඉන්දීයානු නාවික හමුදාව විසින් 11 වන වරටත් පවත්වන ලද මිලාන් - 2022 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2022 පෙබරවාරි මස 25 වන දින සිට 2022 මාර්තු මස 04 වන දින දක්වා පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී විය.
Read Moreයුක්රේන - රුසියා ගැටලුව තීව්‍ර කරන ඕනෑම ක්‍රියාවකට චීනය විරුද්ධ බව චීන විදේශ අමාත්යා වැන්ග් යී පවසයි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්ක හා පැවැති සාකච්ඡාවකදී වැන්ග් යී පවසා ඇත්තේ “ගින්නට ඉන්ධන” එක් කරන ඕනෑම ක්‍රියාවලියකට බීජිනය විරුද්ධ වන බවයි.
Read More