saravita-anim2

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

uncategorized - timelapse 4497 hours ago

LATEST

අරගලය 22 වැනි රාත්‍රියට යයි

calendar_today 2022 අප්‍රේ 30 - 20:29 remove_red_eye - 592  

ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත් වන ලෙස සඳහන් කරමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ ක්‍රියාත්මක කරන අරගලය 22 වැනි රාත්‍රියටත් ක්‍රියාත්මක වෙයි. අරගලයට සහාය දක්වමින් විශාල පිරිසක් ජනපති ලේකම් කාර්යාලය අසළට රැස්ව සිටියි.

රුපියල් ලක්ෂ ගණනාවක් වැය කර කැස්බෑව වැව වටා ඉදිකරන ලද ඇවිදින මං තීරුව කිසිදු දේශපාලනඥයකුගේ සහභාගිත්ව කින් තොරව කුඩා දරු දැරියක විසින් ඊයේ (28දා) සවස විවෘත කරන ලදී

Read More

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට අද (29දා) වසර 40 ක් සපුරයි.

Read More

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශ සේවකයන් අද දිනයේ පවත්වන වැඩ වර්ජනයට සහාය දක්වමින් ආයෝජන ප්‍රවර්ධන කලාප හා අපනයන සැකසුම් කලාප සේවකයන්ද විරෝධතා සංවිධානය කර තිබේ. මේ අනුව කොග්ගල හා වතුපිටුවල කලාප වල සේවකයන් විරෝධතාවක නිරත වෙයි.

Read More

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීනයේ ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගම සමඟ එක්ව චාඕයැංග් දිස්ත්‍රික්කයේ සුප්‍රකට ෂීයු ෂුයි වීදියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළේ ය.

Read More

ජිවන වියදම ඉහල යාම, ඉන්ධන මිල ඉහල යාම, ගෑස් මිල ඉහල දැමිම , ගෑස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ගණනාවක් එක්ව අද (28) දින ආරම්භ කර ඇති වැඩ වර් ජනයට සහයෝගය දක්වා නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වල වෙලදසැල් වසා දැමිමට වෙලද සංගම් පියවර ගෙන ඇත.

Read More

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පා ගමන අද (26දා) පෙරවරු 10:30 ට මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිටින් ආරම්භ විය .

Read More

(LONG READS)බ්‍රිතාන්‍යයන් විසින් උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ඇතැම් ගොඩනැගිලි සඳහා වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පය භාවිත කර ඇත. කාලයත් සමග එම ගොඩනැගිලිවල විවිධ වෙනස්කම් සිදුවුවද, ඉතිරිව ඇති ඇතැම් ගොඩනැගිලිවලට සංචාරක වටිනාකමක් ඇත. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයද බ්‍රිතාන්‍යයන් ඉදිකරන ලද්දේ වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ අරගලයක යෙදී සිටින ජනතාව විසින් ඒම පරිශ්‍රය ගෝඨාගෝගම ලෙසින් නම් කිරීමට කටයුතු කරනු ලැබීය. එයින් පිරිසක් මේ වන විට කොළඹ අරලිය ගහ මන්දිරය ආසන්නයේද කඳවුරු බැදගෙන සිටියි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවය සඳහා සහය පළ කරමින් මෙරට ලේඛකයන් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලයට සහාය දක්වමින් අන්තර්විශ්වවිද්‍යාල ශිෂය බල මණ්ඩලය අද දිනයේදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ.

Read More

පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (22දා) උදෑසන ගුවන් යානා දෙකකින් ඉතාලියේ වතිකානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

රඹුක්කන ප්‍ර දේශයේ පැවති උද්ඝෝෂණයකට සහභාගි වු පිරිසකට පොලිසිය විසින් වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරිම සිද්ධියට විරෝධය පාමින් නුවරඑලිය ප්‍ර දේශයේ මහ සංඝ රත්නය , සර්ව ආගමික නායකයින් සහ ප්‍ර දේශවාසින් එක්ව (20) දින නුවරඑලිය නගරයේදි උද්ඝෝෂණයක නිරත විය.

Read More

අද (18) දින නව කැබිනට් මණ්ඩලය ජනාධිපති මන්ධිරයේදී දිවුරුම් දුන් අතර එම කැබිනට් මණ්ඩලයේ ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඇමතිධූර පමණක් වෙනස් වී තිබුණු අතර ඇතැම් ඇමතිවරුන්ගේ ඇමතිධූර මෙවර කැබිනට් මණ්ඩලයේදී දක්නට නොලැබුණි.

Read More

පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා සහ පවතින ආණ්ඩුවට විරෝධය දක්වා මෙල්බන් Federation Square හී අද (17) පැවති විරෝධතාවට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයේ වින්ධිතයින්ට යුක්තිය සොයා මළවුන්ගේ වේශයෙන් පැමිණි පිරිසක් විසින් නිහඬ විරෝධයක් අද (17) කොළඹදී පැවැත්වුණි.

Read More

මහනුවර සිට කොළඹ බලා ධාවනයවූ දුම්රියක නැගි තරුණ තරුණියන් විශාල පිරිසක් මේ වනවිට ආණ්ඩුවට එරෙහි ජනතා අරගලය සඳහා කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය පිටිහි ගෝඨාගෝගමට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Read More

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අරගලයේ යෙදී සිටින ජනතාව සිය අවුරුදු චාරිත්‍ර අද (14) කොළඹ ගෝඨාගෝගම පරිශ්‍රයේදී ඉතාම උත්කර්ශවත් අන්දමින් පවත්වුනු ලැබීය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා රාජපක්ෂවරුන්ට ඉවත්වන ලෙස බලකරමින් කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව අඛණ්ඩව හය වැනි දිනටත් අද (14දා) ක්‍රියාත්මක වෙයි.

Read More

තබ්බෝව ජලාශයෙ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාමත් සමග වාන් දොරටු දෙකක් අද 12 දින අලුයම සිට අගල් 6 බැගින් විවෘත කල බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පවසයි.

Read More

හලාවත නගරයේ රජයට පක්ෂව පැවති ආධාරකරුවන්ගේ පෙළපාලියකට රජයට විරුද්ධව පැමිණි විරෝධතා කරුවන් පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාර සහ හුහඩ නැගීම හේතුවෙන් දැවැන්ත ගැටුමක් සිදුවීමට ගිය අවස්ථාවේ පොලීසියේ මැදිහත් වීමෙන් එය වළකා ගැනීමට හැකිවිය.

Read More

“කුරුඳු, එනසාල්, කරාබුනැටි, ගම්මිරිස්, වසාවාසි, සාදික්කා,කොත්තමල්ලි, සූදුරු, මහ දුරු, ඉඟුරු, වැනිලා, සීනි, නැවුම් කිරි සහිත උණුසුම් චායි කෝප්ප 1050ක රසය ඉක්මනින් අවසන් විය.. සැමට ස්තුතියි!”යැයි මේ පිළිබඳව තොරතුරු සටහන් කළ ෆෙස්බුක් පෝස්ටුවක දැක්වෙයි.

Read More

උත්සවය සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ජනතාව වෙනුවෙන් රුපියල් 5000ක වියළි ආහාර මලු 10000ක් ලබාදීමට චීනය කටයුතු කර තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට සහය පළකරමින් තංගල්ල නගරයේදී අද (10දා) උද්ඝෝෂණයක් පැවැත්විණි.

Read More

දින 10 ක් පුරා ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හලට ඩිසල් ලබා නොදිමට විරෝධය දක්වා වාහන හිමිකරුවන් පිරිසක් අද (10දා) උදෑසන සිට මාර්ගය වාහන යොදා හරස් කිරීමේන් ගමනා ගමනය එම ස්ථානයෙන් සම්පුර්ණයෙන් නැවතී ඇති බව ආණමඩුව පොලීසිය කියයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සැසිවාරය එක්වීම සඳහා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.

Read More

විරෝධතාකරුවන් විසින් එකවරම ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගෙන තිබුණී.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත ආණ්ඩුවට එරෙහිව රට පුරා පවතින විරෝධතා තීව්‍ර වී තිබේ. මේ අනුව දිවයිනේ සෑම නගරයකම පාහෝ විශාල ජනතා පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතා පැවැත්වෙමින් පවතී.

Read More

රාජපක්ෂවරුන්ගේ මහ ගෙදරවන තංගල්ල කාල්ටන් නිවස අසළ ජනතාව විශාල පිරිසක් විරෝධය දක්වමින් සිටින බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.