saravita-anim2

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

uncategorized - timelapse 4148 hours ago

LATEST

අද පාර්ලිමේන්තුව

calendar_today 2022 ජුලි 19 - 14:06 remove_red_eye - 375  

මේ වන විට හිස්ව ඇති ජනපතිධුරය සඳහා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගෙන් නාම යෝජනා කැදවීමට පාර්ලිමේන්තුව අද (19දා) රැස්විය.

හැටන් ලංගම බස් නැවතුම්පොලේ කොළඹ බස් රථ ගාල් කරන ස්ථානයේ අයිතිකරුවෙකු නොමැති ගමන් මල්ලක් අද (18) දින පස්වරුවේ හමු වි ඇති බව හැටන් පොලීසිය පැවසිය.

Read More

දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල දුන්න බිඳුනු වැවේ මව පියා සමග දිය නාමින් සිටි වයස අවුරුදු 7 ක කුඩා පිරිමි දරුවෙකු අද (15දා) පස්වරුවේ කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි සිගිරිය පොලිසිය කියයි.

Read More

කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අරගලකරුවන් සිය ග්‍රහණයට ගෙන තිබේ.

Read More

කුඩු සහ ජලය කලවම් කොට පෙට්‍රල් බව පවසා ලීටර් පහක් රුපියල් 5000 ක මුදලකට අලෙවි කිරීමේ චෝදනාවකට පුද්ගලයෙකු සැකපිට 12 දින දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජපානයේ නාරා නගරයේ පැවති උත්සවයකදී වෙඩි තැබීමකින් පසු ජපානයේ හිටපු අගමැති ෂින්සෝ මහතා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Read More

පානදුර දුම්රිය ස්ථානයේ ඊයේ (06) දුම්රිය බළධාරින් සහ මගීන් අතර ඇතිවූ නොසන්සුන්කාරී තාවයක් හේතුවෙන් ප්‍රවේශපත් කවුළු පහම වසාදමා තිබූනි.

Read More

කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම් සේවකයින්ගේ අකාර්යක්ෂම වගකීම් විරහිත ක්‍රියාකළාපය (Bad Ground Handling ) සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළෙන් තම ගුවන් යානා සදහා තවදුරටත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි නිසා තුර්කි ගුවන් සේවය , ශ්‍රී ලංකාව සමග පවත්වනු ලබන ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමට තුර්කි ගුවන් සේවා බලධාරීන් මේ වනවිට සළකා බලමින් සිටින බවට ගුවන් තොටුපළ ආරංචි මාර්ග වලින් අනාවරණය වී තිබේ .

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් අද (04දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණි.

Read More

කිලිනොච්චිය පොලිස් වසමේ කරඩිබොක්ක ප්‍ර දේශයේදී කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී නිවසක ගරාජයක් තුළ සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 200ක්, ඩීසල් ලීටර් 6400ක් හා භූමිතෙල් ලීටර් 25ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මේ දිනවල පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට ගලා දකුණු පළාතේ ස්ථාන කිහිපයක්ම මුහුදු ජලයෙන් යටවිය.

Read More

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2022 ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට පත් කෙරේ. අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී නන්දලාල් වීරසිංහ මහතා වෙත භාර දෙනු ලැබිණ.

Read More

අද රට නැත්තටම නැති වී ඇති බවත් මේ දුර්දාන්ත පාලනය වහාම පෙරළා දමා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ඉන්ධන ලබාදීම අත්‍යාවශ්‍ය කණ්ඩායම් වලට පමණක් සීමා කර ඇති මොහොතක විදේශීය රටවල් වල සිට මෙරට සංචාරයට පැමිණ සිටි සංචාරක කණ්ඩායම්වලට වලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (28දා) උදේ උදෑසන දඹුල්ල අයිඕසී පිරවුම්හලක් ඉදිරිපිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමෙරිකානු රජයේ ඉහළ මට්ටමේ දූත පිරිස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.

Read More

පියවි ඇසින් නිරීක්ෂණය කල හැකි අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක පහකි. ඒවා නම් බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සහ සෙනසුරු ය. වසරේ එක් එක කාලයෙ දී මෙම ග්‍රහලෝක වෙන වෙනම රාත්‍රී අහසේ නිරීක්ෂණය කල හැකි අතර, මෙම දිනවල විශේෂයක් වන්නේ මෙම ග්‍රහලෝක 5ම එකම රේඛාවක එකවර අහසේ නිරීක්ෂණය කල හැකි වීමයි.

Read More

ඇමරිකාව ශ්‍රීලංකාවට එරෙහිව දමා ඇති නඩුව ජපානයට එල්ලකල පරමානු බෝම්බය හා සමාන බවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.

Read More

මන්නාරම වලෙයිකුඩා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකට ඉතා දුර්ලභ ඝනයේ මත්ස්‍ය විශේෂයක් වූ සන් ෆිෂ් නැමති මත්ස්‍යයෙකු ඇතුලු සරු මත්ස්‍ය අස්වැන්නක් ඊයේ (22දා) ලැබී ඇතැයි වාර්තා වෙයි.

Read More

ජාත්‍යන්තර යෝගා දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අද (21දා) පැවැත්විණි.

Read More

’’අනාගතය උදෙසා නුවරඑළිය සංවර්ධනය’’ යන තේමාව යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නුවරළිය පැරණි තුරඟ තරග පිටිය, ග්‍රෙගරි වැව ඇතුළු නුවරඑළියේ සංචාරක ආකර්ෂනීය ස්ථාන ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කෙරේ.

Read More

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය රාජ්‍ය පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවැසීය.

Read More

නීතිවිරෝධී අයුරින් අනාරක්ෂිතව බහුදින ධීවර යාත්‍රාවක් යොදාගනිමින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ පුද්ගලයින් 64 දෙනෙකු ඊයේ (15දා) මුලතිව් සහ ත්‍රීකුණාමලය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත 19 වැනි වරටත් සංවිධානය කළ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ පොසොන් ආලෝක පූජාව ඊයේ (13) ආරම්භ කෙරිණි.

Read More

වැලිගම ප‍්‍රදේශිය සභාව මගින් කි‍්‍රයාත්මක කරන කාබනික පොහොර මධ්‍යස්ථානය නිරික්ෂණය කිරිම සඳහා එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බණ්ඩක්කා කරලක් බණ්ඩක්කා කරලක් අමුවෙන් ආහාරයට ගැනීමට කටයුතු කළේය.

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදුන් පොලොන්නරුවේ ඉදිකළ වෘක්කවේද විශේෂිත රෝහල ජනතා අයිතියට පවරා ඊයේ (11දා) වසරක් සම්පූර්ණ විය.

Read More

විදේශගත ශ්‍රමිකයින් නිවරදිව බැංකු ක්‍රමය හරහා තමන් උපයන මුදල් ලංකාවට එවිමට කටයුතු කරන්නේ නම් දැනට පවතින තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කර බෙහෙත් හිගය නැති කළ හැකි බවද කොරියානු රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන 5800ක් ඉදිරි මාස හය තුළ කොරියාව බලා පිටත් කර ඔවුන්ගේ පීඩනය නැති කරන බවද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

මුලතිව්හි ඓතිහාසික වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික මංගල්ලයේ විශේෂ දේව මෙහෙයක් වූ මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ දේව පූජාව ඊයේ (06දා) සවස සිට අද (07දා) අලුයම දක්වා පැවත්වුණි.

Read More

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 29 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 19 දෙනෙකු හට ලාංඡන පැළඳවීම නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05දා) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.

Read More

චීනය විසින් නිර්මාණය කරන ලද නවතම අර්ධ වශයෙන් ගිල්විය හැකි නෞකාවක් වන ෂින් යාඕ හුවා නෞකාවෙන් ප්‍රවාහන බාර්ජ් තුනක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.