saravita-anim2

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

uncategorized - timelapse 3974 hours ago

LATEST

ක‌‌‌ඳින් ගෙඩි එන පොල් ගස

calendar_today 2022 අගෝ 28 - 13:04 remove_red_eye - 3875  

අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ පිහිටි නිවසක ගෙවත්තේ ඇති පොල් ගසක, කඳ ප්‍රදේශයෙන් අසාමාන්‍ය ලෙස පොල් ගෙඩි හට ගැනීමේ පුවතක් වාර්තා වේ.

හමුදාවක් ගෙනියනව නම් ඒ හමුදාව රඳා පවතින්නේ එහි නායකත්වය මතයි. ඒ වගේම එම හමුදාවට විනය අවශ්‍යයයි. විනයක් නැතිව හමුදාවක් ගෙනියන්න බැහැ. විනයක් සමග තමයි හමුදාව ඉදිරියට ගෙන යා හැක්කේ. ඒ වගේම විනයෙන් පමණක් හමුදාව ගෙනියන්නත් බැහැ. විනය සමග පුහුණුව අවශ්‍යයි. දෙකම එකට ඉදිරියට යන්න ඕනෑ. එහෙත් විනයයි, පුහුණුවයි තිබුණා කියලා හමුදාවක් සාර්ථක වෙන්නෙත් නැහැ. ඒ හමුදාවට දැනුම තිබිය යුතුයි. යුද දැනුම වගේම භූමිය පිළිබඳවත් දැනුම තිබිය යුතුයි. ඒ දැනුම සමග තමයි සාර්ථක

Read More

පොල්ගහවෙල ගොවීන් ත්‍රිරෝද රථ යොදාගෙන වී පෑගීමේ කටයුතු සිදුකරයි. එම ගොවීන් පවසා සිටියේ ගොයම් කපන මැෂින් සඳහා වී ලාසයකකට රුපියල් 1250 ක් අය කරන බැවින් වී ලාස් 08 ක කුඹුරක වී කැපීම සඳහා රුපියල් 10,000 ක මුදලක් වැය කිරීමට සිදුවන බවය. එසේ කළහොත් එම මුදලට වී අස්වැන්නෙ වටිනාකමක් නොමැති නිසා මෙසේ ත්‍රි රෝද රථයක් යොදා ගෙන වී පෑගීම සිදු කිරීමට අදහස් කළ බවයි. ත්‍රිරෝද රථයට රුපියල් 2000 පමණ මුදලක ඉන්ධන යෙදවා මෙසේ වී පෑගීම සිදුකරන බව ගොවීන් වැඩිදුරටත් පැ

Read More

මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක් පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

තම ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර, ඉන්ධන හා වෙනත් ගැටලු තිබෙනවා ද කියා සොයා බැලීමේ වගකීම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට භාර දිය යුතුයි. එතකොට ඒ වගකීම ඒ අයටත් පැවරෙනවා. ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන අතර, ආගමික සිද්ධස්ථානවල දියුණුව කෙරෙහි ද අපේ අවධානය යොමු කර තිබෙනවා.

Read More

යාපනයේ මිදී අස්වැන්න මේ වන විට දඹුල්ලට විශාල වශයෙන් ලැබෙන බවත් පසු ගිය වසරේ රුපියල් 300 ත් 350 ත් අතර මිලකට අලෙවි වූ මිදී කිලෝවක් සඳහා මෙදින රුපියල් 900 ක මුදලක් ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳුන් පෙන්වාදෙති. පසුගිය දින කිහිපයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනයෙන් ලැබුණු මිදී කිලෝවකට රුපියල් 1300ක් 1350 ත් අතර ප්‍රමාණයක් ලැබුණු බවත් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන මිදි ප්‍රමාණය වැඩි වීමත් සමග මිදි මිල කිලෝ ක මිල රුපියල් 900 දක්වා පහත වැටි ඇත.

Read More

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශ්වයම එකම කාසියේ දෙපැත්තක් බවත් පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටටම වෙන්ව ගමනක් නොමැති බව සඳහන් කළේය.

Read More

අනවසර විදුලි රැහැනක පැටලුණු ඇතෙකු සහ වන අලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදී ඊයේ (14දා) සොයා ගත් බව අනුරාධපුර වන ජීවී කාර්යාලය පවසයි.

Read More

වාම දළදා වහන්සේ වැඩ සිටි ඓතිහාසික දෙවනගල පුදබිම සංරක්ෂණය කොට සංවර්ධන කිරීමට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ විහාරය නිර්මාතෘ සහ ඓතිහාසික කූරගල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් දෙවනගල පුදබිමේ පසුගිදා නිරික්ෂණ චාරිකාවකට එක් විය.

Read More

පාකිස්තාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (12දා) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

මහනුවර ඇසල මංගල්‍යෙය් අවසන් රන්දෝලි පෙරහර සජීවීව..

Read More

රුපියල් කෝටි ගනනක් වටිනා චීන දුම්රිය මැදිරි තොගයක් පුත්තලම දුම්රිය ස්ථානය අසල විනාශ වී යාමට ඉඩ හැර ඇති බව දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරයි.

Read More

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන්‍ රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මහනුවර නගරය වෙත විශාල ජන සහභාගීත්වයක් අද (11) දින දක්නට ඇති බව අරක්ෂක අංශ සඳහන් කරයි.

Read More

කිසිදු ප්‍රයෝජනයක් නොගෙන බැහැර කරනු ලබන අලි වසුරු පිළිබඳව වසර පහක පමණ කාලයක් සිදු කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් ඉතාමත් තාත්වික ලෙස අලි ඇතුන්ගේ අනුරූ නිර්මාණය කිරීමට පල්ලේකැලේ පදිංචි මංජුල ප්‍රියංග ජයසුන්දර මහතා සමත්ව සිටී.

Read More

මන්දකට හසු වු කදුකර කොටියෙකු මන්ද කඩාගෙන ගොස් ගසක් මැද සිර වි සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

සුනඛයෙකු දඩයම් කිරිම සදහා ලුහුබැද පැමිණි කදුකර කොටියෙකු වතු නිවසක වහල මතට පනින අවස්තාවේ නිවසේ වහල කඩාගෙන නිවසේ නිදන කාමරයට කොටියා වැටි නිවස තුල කොටු වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන දේවාලයේ අතුපන්දලම සකස්කිරීම ඊයේ (03) චාරිත්‍රානුකූලව සිදුකෙරිණි.

Read More

උඩරට වතුකරය ආශ්‍රිත ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට වතුකරයේ එළවළු වගා බිම් රැසක් ගංවතුරට යටවීමෙන් විනාශයට පත්ව ඇතැයි උඩරට එළවළු ගොවීහු පවසති.

Read More

09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීම ඊයේ(03දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (01) දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන්ඔය පිටාර ගැලිමෙන් වටවල නගරයේ පහත්බිම් රැසක පිහිටි නිවාස 30 ක් පමණ ජලයෙන් යට වි ඇති බව වටවල පොලිසිය පැවසිය.

Read More

කුරුණෑගල කිනගස්පිටිය ප්‍රදේශයේ පිහිටි සත්ත්ව ආහාර නිෂ්පාදන ආයතනයක ආනයනික සහල් භාවිතා කිරීම සම්බන්ධව වැටලීමක් සිදු කර ඇති අතර එහිදී කිලෝ ග්‍රෑම් 25/50 KG අසුරණ මළු වල සහල් මෙට්‍රික් ටොන් 3057 ක තොගයක් නිළධාරීන් භාරයට ගෙන ඇත.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් අට දෙනෙක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලේකම් කාර්යල‌යේ සිට සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ. මේ අනුව ජනපතිවරයා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය අතර හමුවක්ද ජනපති ලේකම් කාර්යාලයේදී අද (27දා) පවත්වා තිබේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හමුවක් අද (26දා) පවත්වා තිබේ.

Read More

බේරුවල හෙට්ටිමුල්ල සිපෙට්කෝ ඉන්ධන හලෙන් අද (25දා) පස්වරුවේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ පැමිණි වෑන් රථයක ව්‍යාජව සකස් කළ ඉන්ධන ටැංකියක් තිබී පොලීසිය විසින් එම වෑන්රථය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාරගත්තේය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙන්ම හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ,හිටපු රාජ්‍ය අමාත්‍යවරු වන සිසිර ජයකොඩි, අරුන්දික ප්‍රනාන්දු, ආචාර්ය සුරේන් රාඝවන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන යදාමිණි ගුණවර්ධන, සාගර කාරියවසම්, ජගත් කුමාර, මංජුලා දිසානායක ආදි ජනතා නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිට

Read More

මීට වසර ගණනාවකට ඉහතදී කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙරටට ඩොලර් ඉපයීම සඳහා ගොවීන්ට හඳුන්වා දී තිබූ වැල් දොඩම් වගාවේ සාර්ථක අස්වැන්න නෙලා විදේශ රටවලින් ඩොලර් ලැබෙන අවස්ථාව වනවිට එම අස්වැන්න විනාශ වීමේ බරපතළ තර්ජනයකට ගොවීන් මුහුණ පා ඇතැයි ගලේවෙල බඹරගස්ව වැව ප්‍රදේශයේ ගොවීහු පවසති.

Read More

දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි නායක හිමියෝ පවසති. විරෝධතා පවත්වමින් පාලකයින් පළවා හැරීමේ ක්‍රමවේදයෙන් බැහැරව,වත්මන් ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගනිමින් ජනතා ගැටලු විසඳීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහාය ලබාදිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

Read More

සන්නද්ධ හමුදා සේනාධිනායක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (ජුලි 21) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණියේය.

Read More

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනපති ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් හමුවීමට කටයුතු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.