පොළොන්නරුව, දිඹුලාගල, පැළෑටියාව වැවේ 03 වැනිදා සවස මසුන් අල්ලමින් සිටි ධීවරයකුට දුර්ලභ රන්වන් කහ පැහැති, අඩි දෙකහමාරක් පමණ දිග ආඳෙකු හමුවී ඇත.
පවතින දැඩි වියළි කාලගුණය හා ගෙවිතැන් මෙන්ම කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් කිලනොච්චියේ කිරි ගවයින්ට අවශ්‍ය තණකොළ නොමැති බව පවසා ඊයේ (02) දින කිරි ගොවීන් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.
Read Moreඅඹේපුස්ස - කුරුණෑගල මාර්ගයේ තුල්හිරියේදී කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වූ ලංගම බස් රථයක් හා කන්ටේනර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව 11ක් තුවාල ලබා තිබේ.
Read Moreමස්කෙලිය ප්‍රදේශයේ පාසල් දැරියක් කිලෝමිටර් දෙකක දුරක් විනාඩි 14 කින් පාගමනින් ගොස් වාර්තාවක් තැබිමට (31) දින සමත්විය.
Read Moreමිහින්තලේ මහකනදරාව වැව් රක්ෂිතය ආසන්නයේ ’පොතාන’ ප්‍රදේශයේ දී ඊයේ (31දා) ඇතින්නියන් දෙදෙනෙකු දැඩි සටනක නිරත වූ බව ගම්වාසීහු පවසති. මෙම ද්වන්ධ සටන පැය දෙකකට අධික කාලයක් පැවති බව යම ගම්වාසීහු පැවසූහ.
Read Moreකොළඹ චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ මහජන බැංකු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක්වූ බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය සඳහන් කරයි.
Read Moreසුදු පාලන සමයේ සිට පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක කරන මහජනතාවට සිය බලය පෙන්වීම් සඳහා සැලසුම් කරන මා ර් ග පෙළපාලි සහ උත්තමාචාර පෙළපාලිය 29 දින දඹුල්ල පොලිස් ඉතිහාසයේ පළමු වතාවට 29 දින පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයේ දී පැවැත්විණි
Read Moreමේ දිනවල පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ ජල මට්ටම සිග්‍ර ලෙස පහල යාමත් සමග කෘතිම පොකුණු වෙත ජලය පිරවිම ආරම්භ කල බව විල්පත්තුව ජාතික වන උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා පවසයි.
Read Moreවිදේශීය රටවලින් මිදි ආනයනය කිරීමට ඉහල මුදලක් වැය වන යුගයක මිදි වගාවට නුසුදුසු කාලගුණ තත්වයක් පවතින ප්‍රදේශයක ඉතා සාරවත් මෙන්ම ඉහල අස්වැන්නකුත් එමගින් ඉහල ආදායමක් ලබා ගන්නා ගොවි මහතෙකු ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ-ඇත්කදවක ප්‍රදේශයේදී අපට හමුවිය.
Read Moreලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හදුන්වාදි ජාත්‍යන්තර වර්තාවක් තැබිමට හැටන් කොටගල ප්‍රදේශයේ අවු 03 වයසැති දැරියක් සමත් වි ඇත.
Read Moreසමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය.
Read Moreජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුලි 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ පැවති ග්ලෝකල් ෆෙයාර් 2023 රැකියා ප්‍රදර්ශන වැඩසටහන සඳහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාද ඒක්වීම හේතුවෙන් යාපනයේ වැසියන්ගේ උණුසුම් පිලිගැනීමකට ලක්විය.
Read Moreඑප්පාවල පිහිටි ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක මහතා පැමිණි අවස්ථාවේ එම ආයතනයේ වංචා දූෂණ කටයුතු සම්බන්ධයෙන් සේවකයින් පිරිසක් හෙළිදරව්වක් සිදු කිරීමට යාමේදී ඇති වූ උණුසුම් තත්වයකදී එහි සේවකයකු විසින් අදාළ වංචා දූෂණ සිදු කළ බවට චෝදනා කරමින් විධායක නිළධාරියකුට අමාත්‍යයවරයා ඉදිරියේම අද (17) පහර දෙනු ලැබීය.
Read More1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ලේදි භාවිත කළ ලෝහමය කාල තුවක්කුවකට වසර 205කට පසු නැවත වෙඩි බෙහෙත් පුරවා වෙඩි පත්තුකර එය මහජන ප්‍රදර්ශනය සදහා ස්මාරකයක තැම්පත් කිරීමට පසුගියදා බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර තිබේ.
Read More2023 ජුලි මස 11 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 15) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
Read Moreආසියානු සටන් කළා ශූරතා - 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සටන් කළා කණ්ඩායම 07/14 දින තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreඉන්දියාවේදී පැවැත්විමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ හී දී පැවති තරගාවලිය අපරාජිතව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (11දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ’’ ද්විත්ව කරමල් කැසොවරි ’’ ( Double Wattled Cassowary ) කුරුල්ලන් තිදෙනකු 07/05 දින රාත්‍රී තායිලන්තයේ සිට දෙහිවල සත්වෝද්‍යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
Read Moreඅද දහවල් කාලයේ අගලවත්ත ප්‍රාදේශීයට හැමු අධික සුළං හේතුවෙන් ගලේවත්තේ පිහිටි පුද්ගලික දුරකතන සමාගමකට අයත් සංඥා කුළුණක් අසළ පිහිටි තේ ඉඩමකට කඩා වැටි ඇත.
Read Moreශ්‍රී ලංකාවට ආවේණික කෙතල (කෙටල) විශේෂයක් ගාල්ල, හියාරේ වන රක්ෂිතයෙන් සොයාගැනීමට හැකි වූ බව පර්යේෂකයෝ පිරිසක් කියති.
Read Moreචීන ජාතික ගුවන් සේවය වන ’’ එයා චයිනා ’’ (Air China ) ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ගුවන් යානය ඊයේ (03දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreරත්මලානෙන් ගුවන් අරඹා පැයයි විනාඩි දහයක ගුවන් ගමනකින් පසුව යාපනයට ළඟා විය හැකි වන පරිදි ක්‍රියාත්මක කෙරෙන අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ආරම්භ කළ බව රත්මලාන ගුවන් තොටුපලේ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreරටවල් පනහක මෙරට තානාධිපතිවරුන් කොළඹ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වාවයිස්රොයි විශේෂ දුම්රිය (01) දින සංචාරයක් ආරම්භ කර ඇත.
Read Moreශ්‍රී ලංකාවේ නොසැලකිලිමත් සැලකිල්ල හේතුවෙන් නැවතත් තායිලන්තට රැගෙන ගිය මුතුරාජා හස්තියා රැගත් ගුවන් යානය එරට චියන්මායි ගුවන්තොටුපොළට සාර්ථකව ගොඩ බස්සවනු ලැබීය.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය 02වන දින උදැසන සිට පිටාර ගැලිම ආරම්භවි ඇත.
Read Moreතායිලන්තය විසින් මීට වසර 22 කට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතු රාජා හෙවත් ’’ සක්සුරින් ’’ 07/02 දින උදෑසන යළිත් ආපසු තායිලන්තය වෙත රුසියානු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන ගියේය .
Read Moreපෙරිය කාතන්කුඩියේ රෝපණය කරන ලද ගස්වල සෘතුමය රටඉඳි අස්වනු නෙළීම නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා අතින් මෙවර උත්සවාකාරයෙන් සිදුවිය.
Read Moreඅලුත්ගම ඓතිහාසික කන්ද විහාරයේ භාරකාරත්වයටපත් මුතු රාජා පාදයේ ආබාධයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා තායිලන්තයට රැගෙන යාමට පෙර කන්දේ විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන් ඇතුළු සාමණේර හිමිවරුන් එම හස්තියාගේ සුවදුක් විමසා පලතුරු ඇතුළු ආහාර වර්ග වලින් සංග්‍රහකිරිම සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සිදු කළහ.
Read Moreයාපනය පලාලි ගුවන්තොටුපල දිනෙන් දින කාර්යක්ෂම වීමත් වැඩි මගීන් ප්‍රමාණයක් ඉන්දියාව අතර ගමනාගමනය වීමත් හේතුවෙන් ගුවන්තොටුපල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
Read More