හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ (10) දින සිට තැන්පත් කර ඇති ශාන්ත මරියතුමියගේ පිලිරුවේ දෑසින් රත් පැහැයෙන් වම් ඇසින් කදුළුවැනි යමක් ගලා ඇති බව එම දේවස්ථානයේ පියතුමන් වන වර්ණකුලසුරිය ඇන්තනි ප්‍රනාන්දු පියතුමන් පැවසිය.
ශ්‍රී ලංකා විවාහක රූ රැජින - 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 - ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
Read Moreතිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ලිඳකට ඊයේ (04) රාත්‍රියේ වැටුණු වන අලියකු ගොඩ ගැනීම සඳහා අද (05) දවස පුරා වන ජීවී නිළධාරීන් උත්සහ කළද පස්වරු 03.00 පමණ වන විටත් වන අලියා ගොඩට ගැනීමට නොහැකි විය.
Read Moreරුපියල් කෝටි ගණන් ඇස්තමේන්තු සකසා මුදල් නොමැති වීම හේතුවෙන් බලධාරින් මග හරිමින් සිටි ගල්ලෑව පුරාණ වැව ගල්වීරගොල්ලෑව ගොවි සමිතිය විසින් රුපියල් ලක්ෂ තුනාහමාරක් වැනි සුලු මුදලක් වැය කරමින් සාර්ථාක ලෙස ප්‍රථිසංස්කරණය කල බව ගම්වාසීහු පවසති.
Read Moreහෝමාගම කටුවාන කර්මාන්ත පුරයට යාබද දෙල්ගහවත්ත ප්‍රදේශය හරහා වෙල් යායක් මැදින් ගලා බසින ඇල වේල්ලක දින පහක පමණ සිට සුදුපැහැති විශාල ප්‍රමාණයේ හදුනා නොගත් පුලුන් රොදක් වැනි යමක් හට ගැනීමෙන් පාරිසරික හා සෞඛ්‍ය ගැටළු රැසක් මතුව ඇතැයි ජනතාව චෝදනා කරති.
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (30දා) නිකිණි පොහෝ දින වීදි සංචාරය ආරම්භ කෙරිණි.
Read Moreමෙම වන අලියා ගැමුණුපුර ගම්මානයට යාබදව පිහිටි ගල්විහාර පුදබිමේ රක්ෂිතයේ මායිමට වන්නට ජීවිතක්ෂයට සිටි අතර, අද (30) අලුයම මෙම වන අලියා මෙම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සැක කරන බව වනජීවි නිළධාරීන් පැවසීය.
Read Moreතම දෑත් මත තබාගත් කිලෝ ග්‍රෑම් 22 ක බරින් යුත් කොන්ක්‍රීට් කුට්ටියකට, කුළු ගෙඩියකින් පහර දී විනාඩියක් තුළදී එවැනි කුට්ටි 26 ක් කඩා දමා නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට හඟුරන්කෙත පල්ලේබෝවල පදිංචි ජනක කාංචන මුදන්නායක ඊයේ (29) සමත් වූහ
Read Moreමහනුවර නගරයේ රථ වාහන තදබදයට පිළියමක් ලෙස සියලු ප්‍රවාහන මාධ්‍ය ඒකාබද්ධ කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ගුඩ් ශෙඩ් ඉදිරිපිට ඉදි කිරීමේ සැලැස්ම වසර හතක් තිස්සේ සාකච්ඡාවට පමණක් සීමා වී ඇති බවත් එහි ඉදිකිරීම් කටයුතු ලෝක බැංකු ආධාර යටතේ මෙම වර්ෂය අවසන් වීමට ප්‍රථම ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreඅපේ ඇත්තන් අසීමාන්තිකව අපිරිසිදු කළ අම්බලන්ගොඩ වෙරළ තීරය විදෙස් රටවල් වල තරුණ තරුණියන් පිරිසක් අද (29දා) උදේ පිරිසිදු කිරීමට කටයුතු කළේය.
Read Moreවර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02ක් ඊයේ (28) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.
Read Moreරුහුණු කතරගම මහා දේවාලයට අයත් මදකිපීම නිසා බැඳ සිටි බානු හස්තියාගේ බැමිලිහීමේ මංගල්‍යය ඉකුත් (22) වෙනිදා උදෑසන සිදුකෙරිණි.
Read Moreඝානා රාජ්‍යයේ පැවති 04 වන යොවුන් සංචාරක රූ රැජින ( Miss Teen Tourism ) තරගාවලියට සහභාගී වී , එහිදී ජයග්‍රාහිකාව බවට පත් වූ නෙළුනී සෞන්දර්යා මෙනවිය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreකඳුකර ප්‍රදේශවලට ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික්කයට මාස ගණනාවක සිට වැසි නොලැබීම හේතුවෙන් ඇති වී තිබෙන නියගය සහ ඉඩෝරය නිසා පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ ජල මට්ටම විශාල වශයෙන් අඩු වී තිබේ.
Read Moreනාවික හමුදාව මඟින් දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ත්‍රීකුණාමලය වරාය ඇතුලත සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීමේ මුහුදු සංචාර යළි ඇරඹීමේ නියමු ව්‍යාපෘතිය 2023 අගෝස්තු මස 19 වන දින ත්‍රීකුණාමලය වරාය පරිශ්‍රයේ දී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
Read Moreකාන්තා පාපන්දු ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අවසන් මහ තරගයේදී එංගලන්තය ගෝල 1 -0 ක් ලෙස පරාජයට පත්කරමිනි.
Read Moreකහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමු වූ නිල් මැණිකට මෑත ඉතිහාසයේ වැඩිම මිල වූ රුපියල් කෝටි 43කට අද (16දා) වෙන්දේසියේදී අලෙවි කෙරිණි.
Read Moreමිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව 432 ක් විනාඩි 04 ක් වැනි කෙටි කාලයක් තුලදි මතක තබා ගනිමින් නම් කරමින් ලොව ඉහලම මතක ශක්තියක් ඇති දැරියක් බවට ලෝක වාර්තාවක් පිහිටුවිමට (16) දින බගවන්තලාව හොලිරොසරි දමිල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සංකර්දාස් කණිෂ්කා සිසුවිය සමත්විය.
Read Moreඑක බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 500ක් ගමන් කළ හැකි මොටර් රථයක් ශ්‍රි ලංකා වෙළඳ පොළට හඳුන්වා දීමට මයික්‍රෝ සමාගම කටයුතු කර තිබේ. MG5 EV ලෙසින් මෙම මොටර් රථය ශ්‍රී ලංකා වෙළඳ පොළට නිකුත් කරයි.
Read Moreඋමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඳිකළ ඩයරබා ජලාශය ජලය පුරවා විවෘතකිරීම ඉකුත් (13) වෙනිදා උදෑසන සිදුකෙරිණි.
Read Moreමෙහිදී අනුරාධපුරයේ සිට මිහිනතලේ දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 12 ක දුර ප්‍රමාණයකින් දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමට නියමිතයි. මෙම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ , දිගුකාලීන විසල් සංවර්ධන වැඩපිළිවෙලක් ඉලක්ක කරගනිමිනි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් (12) දින නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Read Moreතබ්බෝව අභය භුමියෙ ඇතිවු හදිසි ගිනි ගැනීමක් නිසා අක්කර 300 කට වැඩි ප්‍රමණයක භුමියක් ගිනි ගෙන විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රීක් වන ජීවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි.
Read Moreරිදියගම සෆාරි උද්‍යානයේ ’’සිනා ’’ නැමති සිංහ ධේනුව විසින් බිහිකළ සිංහ පැටවුන් දෙදෙනෙකු 10 වනදා සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.
Read Moreමොනරගල දිස්ත්‍රික්කයට බලපා තිබූ දැඩි නියං තත්වය නිමාකරමින් ඊයේ (09දා) සවස මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇදහැලුණු අතර අයිස්කැටද පොළොවට පතිතවූ බව ප්‍රදේශවාසීහු පවසති.
Read Moreඋතුරු පළාතට බලපා ඇති දැඩි නියං සිහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 22,666 කට අයත් පුද්ගලයින් 72,357 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
Read Moreසබරගමු පළාත් සභාව විසින් යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක කරන පෙර පාසල් සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් අද (07දා) දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ උතුරු ගෝනගල පිපෙන කැකුළු පෙර පාසලේ සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක සහ යුනිසෙෆ්හි දකුණු ආසියානු කලාපීය තානාපති හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Read Moreතබ්බෝව ජලාශයෙ වම් ඉවුර යටතේ ඇති සොරෝව්ව නිසි ලෙස වසා ගැනිමට නොහැකි විමේන් දැවන්ත ජල කදක් අපතේ යමින් ඇති බව ගොවීන් හා ගොවීජන සංවිධාන චෝදනා කරති.
Read Moreමිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (3දා) රාත්‍රී මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්,පන්දම් රැගෙන මිහින්තලා කන්ද තරණය කරන අයුරු ඡායාරූපවලින් දැක්වේ.
Read Moreවසර විස්සකට පසුව වලව කලාපයට ඇතිවූ දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරත් ජලය නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්යක්ෂ, උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා අද (03දා) සවස පැවසීය.
Read More