ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 30 වන බදාදා
ඇමෙරිකාවේ, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ, ඔර්ලැන්ඩෝ රාත්‍රී සමාජ ශාලවේ ඊයේ (12දා) සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පිරිස 50ක් බව වාර්තා වෙයි.
සමලිංගිකයන් සඳහා වෙන්වූ රාත්‍රී සමාජ ශාලාවක් ලෙස ප්‍රකට එහි මෙම අවාසනාවන්ත සිදුවීම හටගන්නා විට විශාල පිරිසක් ඒ තුළ රැඳී සිටි බවත්, තවත් 50 දෙනෙකුට ආසන්න පිරිසක් මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවත් රොයිටර් පුවත් සේවය පවසයි.
මෙම ඛේදනීය වෙඩි තැබීම එරට ඉතිහාසයේ එදාමෙදා තුර වාර්තා වූ දරුණුතම වෙඩි තැබීමක් ලෙසද විදෙස් වාර්තා පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම තැනැත්තා ඕමාර් එස්. මාටීන් නමැති ෆ්ලොරීඩා හි පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත. 29 හැවිරිදි වියේ පසුවන ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වූ ඇෆ්ගනිස්තාන වැසියෙකුට දාව උපන් ඇමෙරිකානු ජාතිකයෙකු බවත්, මීට පෙර එෆ්.බී.අයි. සංවිධානය විසින් දෙවරක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබූ බවත් විදෙස් වාර්තා පවසයි. ඔහු පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය කර ඇති අතර, ඔහුගේ හිටපු බිරිඳට අනුව ඔහු බොහෝ විට ප්‍රචණ්ඩත්වයෙන් යුතු සිතකින් වාසය කර ඇත්තෙකි. ඔහුගේ මිතුරන්ට අනුව ඔහු බොහෝ නිහඬ හා මිතුරන් සමග වැඩි සමීප බවක් නොදැක්වූ අයෙකි.
ඔහු අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සෘජු සම්බන්ධයකින් මෙම ප්‍රහාරය එල්ල කළ බවට මෙතෙක් තොරතුරු නැතත්, ඔහු එම සංවිධානයට පක්ෂපාතීව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව අනාවරණය වී තිබේ.
popular news
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට
රුවන්වැලිසෑයට ප්‍රහාරයක් එල්ලවන බවට 119ට ඇමතුමක්
14 හැවැරිදි සූර්යවංශි අයි.පි.එල්. පිටිය කනපිට පෙරළයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd