ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් වූ උද්ඝෝෂකයන් විසින් හොංකොං හි සංවිධානය කර ඇති දැවැන්ත උද්ඝෝෂණය දෙවැනි සතිය දක්වා එළැඹෙයි.
හොංකොං හි මධ්‍යම වෙළෙඳ ප්‍රදේශය වෙත එක්රැස් වී සිටින දහස් ගණන් විරෝධතාකරුවන් හා කැරලිමර්ධක පොලීසිය අතර ඊයේ රාත්‍රියේ යම් ගැටුම්කාරී තත්ත්යක් පවා ඇති වී තිබේ.
කෙසේ වෙතත් අද උදෑසන කාලයේදී ඇතැම් පිරිස් නිවෙස් බලා ගොස් සිටියද තවමත් විශාල පිරිසක් උද්ඝෝෂණයේ නිරත වන බව වාර්තා වෙයි.
මේ අතර, හොංකොං ප්‍රධාන විධායක ඊයේ අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ මේ වනවිට වසා දමා ඇති රජයේ ගොඩනැගිලි හා පාසල් යළි විවෘත කිරීමට පොලීසිය හෙට දිනයේදී කටයුතු කරනු ඇති බවයි.
මෙම විරෝධතාකරුවන්ගේ මූලික ඉල්ලීම වන්නේ 2017 දී පැවැත්වෙන මැතිවරණයේදී චීනයේ අතකොලුවක් වන නායකයෙකු එරටට පත්වීම වළක්වමින් ස්වාධීන මැතිවරණයක් වෙත පිවිසීමය.