සෑම වසරකම නොවැම්බර් 23 වැනිදිනට යෙදුණු ලෝක හිංසනය පිටුදැකීමේ දිනය සමරමින් ජනමාධ්‍ය විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ බුදු පිළිමය ඉදිරිපිටදී ඊයේ (25දා) සවස් යාමයේ දෙවැනි වරටත් පැවැත්වූ නිහඬ විරෝධතාව සඳහා ස්වාමීන් වහන්සේලා, ජනමාධ්‍යවේදීන්, දේශපාලඥයන්, ආචාර්ය මහාචාර්යවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
සවස 5.30 වනවිට විහාර මහා දේවි උද්‍යානය වෙත පැමිණ පැය දෙකකට වැඩි කාලයක් එම ස්ථානයේ රැඳී සිටි පිරිස ඉටිපන්දමක් දල්වා නිහඬ විරෝධතාවක යෙදුණු අතර ජනමාධ්‍යවේදීන්ට නිදහසේ තොරතුරු ඉදිරිපත් කිරීමටත්, මහජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමටත් සමත් සමාජයක් ඇතිවේවායි ප්‍රාර්ථනා කළහ.
ඡායාරූප - චානුක කුලසේකර