හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට මෙතෙක් පැමිණි දිගම මගී ප්‍රවාහන නෞකාව අද (07දා) පෙරවරු 07 ට හම්බන්තොට වරායට සේන්දු විය. හොලන්ඩ් ඇමරිකන් සමාගමට අයත් රොටෙඩම් (Rotterdam ) නැමති මෙම නෞකාව දිගින් මීටර්230 කි. එය මගීන් 1164 ක් හා කාර්යමණ්ඩලයේ 598 දෙනෙකුගෙන් යුක්ත වේ.