පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව සෝමාවතිය පුදබිම ජලයෙන් යටවී ඇත. පුදබිමට ගමන්ගන්නා මාර්ගය මේ වන විට අඩි 05 ක් පමණ ජලයෙන් යටවී ඇත.
නමුත් ඒ සියලු බාධක ආගමික කටයුතු සඳහා බාධාවක් කර නොගෙන බෝට්ටුවක අධාරයෙන් සෝමාවතී චෛත්‍යයට මල්, පලතුරු, සුවඳ දුම්, දැහැත්, ගිලන් පස, චතුමධුර ආදී පූජා සිදුකිරීම බුදු පුතුන් තිදෙනෙකු විසින් සිදුකරනු ලබති.
සෝමාවතී රජමහා විහාරාධිපති පාහමුනේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සෝමාවතී රජමහා විහාරවාසී පුබුදුපුර සුමනරතන, තලාකොළවැවේ මේධානන්ද, පෝද්දල්ගොඩ චන්දානන්ද යන හිමිවරු එම කටයුතු කරති.
අඩි 05 ක් පමණ සෝමාවතී පුදබිම ජලයෙන් යට වී ඇති බැවින් මේ දිනවල බැතිමතුන්ටද සෝමාවතිය වැඳ පුදාගත නොහැකිව ඇති අතර, හමුදාව හා පොලීසිය, සිවිල් ආරක්ෂක නිලධාරීන්ද 20 දෙනෙක් පමණ විහාරස්ථානයේ රැඳී සිටිමින් විහාරස්ථානයේ කටයුතුවලට සහාය දෙමින් සිටිති.