අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා කොළඹ හිල්ටන් හෝටලයේ ඉදිකර තිබූ වේදිකාවක් කඩා වැටීමෙන් ඒ මත විනෝද වෙමින් සිටි කිහිපදෙනෙක් තුවාල ලැබූහ. මෙම විනෝද අවස්ථාව සඳහා මෙරට උසස් පැලැන්තියේ තරුණ පිරිස් විශාල ප්රමාණයක් සහභාගී වී සිටියහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට සහභාගී වීමට පැමිණෙන අතරතුර වේදිකාව කඩා වැටී තිබේ. එසේම අනතුරෙන් විපතට පත්වූවන්ට උදව් කිරීම සඳහා හිල්ටන් හෝටලයේ කාර්යමණ්ඩලය කිසිදු දායකත්වයක් නොදැක්වූ බවත්, විපතට පත්වූවන් තමන් විසින්ම ප්රතිකාර ලබාගත් බවත් විපතට පත්වූ පුද්ගලයෙක් සඳහන් කළේය.පොළවේ සිට අඩි 5 ක් පමණ උසට තනා තිබූ වේදිකාව තුළ සිද්ධිය සිදුවන විට 500 කට ආසන්න පිරිසක් සිට ඇති අතර, 31 වෙනිදා රාත්රියේ 11.30 ට පමණ මෙය සිදුවී තිබේ.