මැයි දිනයේදි බත්පැකට්ටුව, අරක්කු බෝතලය හා මුදල් වියදම් කර ඒ ඒ දේශපාලන පක්ෂ සිය බලය පෙන්වීම සඳහා ජනතාව සිය මැයි රැළිවෙනුවෙන් ගෙන එන බවට නිරන්තරයෙන් චෝදනාවට ලක්කරයි. ජනතා විමුක්ති පෙරමුණටද සිය මැයි දිනය කොළඹදී සැමරිය. එහිදී බත් පැකට්ටුවක් බෙදාගෙන කන ජවිපේ නායකයන්ගේ ඡායාරූප කිහිපයක් ඔවුහු සිය ෆේස්බුක් පිටුවට එක්කොට තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ සහෝදරත්වය පිළිබඳව නිතර කතා කරන පක්ෂයකි. සහෝදරත්වය වෙනුවෙන් ඉහළ නායකත්වය පහළට දෙනු ලබන ආදර්ශයක් ලෙස හැදින්විය හැකි බවයි විචාරකයන් පවසන්නේ.