(UPDATE) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධය පළකරමින් ඊයේ (23දා) පවත්වන ලද ශිෂ්‍ය පා ගමනට කොල්ලුපිටිය මංසන්ධියේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර, එක් සිසුවෙක් පොලිස් අත්අඩංගුවට පත් විය.
ඊයේ පෙරවරු 11.30 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අරලියගහ මන්දිරය දක්වා හයිලෙවල් මාර්ගය ඔස්සේ මෙම පෙළපාළිය ගමන් ආරම්භ කළ අතර, කොල්ලුපිටිය මංසන්ධියේදී පොලිස් පහරදීම සිදුවන විට සවස 3.30 පමණ විය.මෙම පා ගමනට වෛද්‍ය පීඨ හතක් නියෝජනය කරමින් වෛද්‍ය සිසුහු එක්ව සිටියහ.
ඡායාරූප ළහිරු හර්ෂණ
|
සිසුන්ට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයකට පොලීසියේ නිලධාරියෙක් හසුවීමෙන්
|
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස බල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කළ විරෝධතාවට කොල්ලුපිටිය හංදියේදී කදුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල විය. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසළින් මෙම විරෝධතාව ආරම්භ කර අතර පසුව ඔවුහු ගාලු පාරට පිවිසීමට කටයුතු කළහ.