ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
(UPDATE)
කඳුළු ගෑස් ජල ප්‍රහාර ශිෂ්‍යයන්ට එල්ල කර ආණ්ඩුවේ අරමුණ ඉෂ්ට කර ගැනීමට උත්සාහ කළද, ඒ සඳහා අවස්ථාවක් ලබා නොදෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.
සයිටම් අහෝසි කිරීමට මුවා වී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රට තුළ ඇති කිරීම උදෙසා හෙට (20දා) පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට නියමිත බවද එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා පවසා සිටියේය.
මේ නිසා මෙම පනත හකුලා ගන්නා ලෙස සහ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට පාර්ලිමේන්තුව දක්වා පා ගමනක් පැවැත් වූ අතර, පාර්ලිමේන්තු වටරවුම අසලදී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර පා ගමන විසුරුවා හැරීමට කටයුතු කළේය.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලය පැවැත්වූ විරෝධතාවක් විසුරුවාහැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. පාර්ලිමේන්තු වටරවුමේදී මෙම ප්‍රහාරය එල්ල කළේය.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd