සබරගමුව විශ්වවිද්‍යාලය සඳහා අලුතෙන් ඉදිකළ නේවාසිකාගාර දෙක පිහිටා ඇති ප්‍රදේශ නායයෑමේ අවදානමක් ඇතැයි එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
එම නේවාසිකාගාර දෙක සම්බන්ධව ආරක්ෂිත වාර්තාවක් නිකුත් කරන්නැයි අවස්ථා කිහිපයකදී විශ්වවිද්‍යාල පරිපාලනයට දන්වා තිබුණද, මේ දක්වා එවැනි වාර්තාවක් නිකුත් නොකිරීම පිළිබඳව සැකයක් ඇතිවන බව එම සංගමයේ සභාපති කථිකාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.
ආචාර්යවරුන්ට අමතරව මේ සම්බන්ධයෙන් ශිෂ්යයන්දපරිපාලනයෙන් ඉල්ලීම් කර තිබෙන බව පැවසූ සභාපතිවරයා මේ තත්ත්වය තුළ අවදානමක් ගෙන නේවාසිකාගාරවල රැඳී සිටීමට සිසුන්ට සිදුව ඇතැයි කියා සිටියේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ සබරගමුව සරසවියේ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු නුවන් බුද්ධික මහතා සඳහන් කළේ සිසුන් 800 ක් නේවාසිකව රැඳී සිටින වලව01 හා වලව02 යනනේවාසිකාගාරවල පිහිටි බෑවුම් සහිත ප්‍රදේශයට ආරක්ෂිත තාප්පයක් ඉදිකරන බව පරිපාලනය ආරම්භයේදී ප්‍රකාශ කළද මේ දක්වා එය ඉදිකර නොමැති බවයි.
මේ පිළිබඳව පැහැදිලි කරමින් උපකුලපතිවරයා ඇතුළු පරිපාලනයට දැනුම්දීම් කළද මේ දක්වා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයිද හෙතෙම පවසා සි