"රටට පණ දෙමු අලුතින් පටන් ගමු අනාගතයට "නමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්රතිපත්ති ප්රකාශනය එළිදැක්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (28දා) සිදුවිය.
මේ අවස්ථාවට ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන් සහභාගි නොවීම විශේෂත්වයක් විය. අගෝස්තු 17 වැනිදායින් පසු බිහිවන එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් යටතේ දැනට නැවතී තිබෙන සංවර්ධන කටයුතු ක්රියාත්මක කර, දොළොස්වැදෑරුම් ප්රතිපත්තියක් යටතේ රට දියුණු කරන බවද උත්සව සභාව අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා