43 වැනි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මීට සුළු වේලාවකට පෙර අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණියාය.
අගවිනිසුරු නිල කුටිය අසලින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලයට ගිය අගවිනිසුරුවරිය නීතීඥ සංගමයේ සභාපතී නීතීඥ උපුල් ජයසූරිය මහතා විසින් පිළිගත්තාය.
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ වසර දෙකකට පසුය.