දිල්ලි ජාත්‍යන්තර සිනමා උලෙළේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනාගත් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිදුහත් චරිතයට පණ පෙවූ ඉන්දීය නළු ගගන් මලික් සහ චිත්‍රපටයේ නිෂ්පාදක ආසියා ආලෝක පදනමේ සභාපතින වීන් ගුණරත්නයන මහත්වරුන් එම සම්මාන රැගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්තයෙන් අද(01) දිවයිනට පැමිණියේය.
දිල්ලි ජාත්‍යන්තර සිනමා උලෙළ සඳහා රටවල් 29 කින් නිර්මාණ ඉදිරිපත්කර ඇති අතර,ලෝක සිනමා උලෙළකදී ශ්‍රී ලංකාව මෙවන් ජයග්‍රහණයක් හිමිකරගත් ප්‍රථම අවස්ථාව මෙයවෙයි. මීට අමතරව එහිදී ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ නිෂ්පාදක ආසියා ආලෝක පදනමේ සභාපති නවීන් ගුණරත්න මහතාට විශේෂ උපහාර සම්මානයක්ද පිරිනමා ඇති අතර,එය පිරිනමා ඇත්තේ සාමය හා මනුෂ්‍යත්වය උදෙසා කළ මෙහෙවර අගයමිනි.