එළඹෙන පෙබරවාරි මස 25 වැනි දින සිට මාර්තු මස 7 වැනිදා දක්වා සැලසුම් කළ පරිදි බංග්ලාදේශය තුළදී ආසියානු කුසලාන තරගාවලිය පවත්වන බව ආසියානු ක්රිකට් කවුන්සිලයේ සභාපති අශාෆ් උල්-හක් සඳහන් කරයි.
එසේම එම තරගාවලියේ පටන් ආසියානු කුසලානයට ඇෆ්ගනිස්තානයද සම්බන්ධ කර ගැනීමට ආසියානු කුසලාන ක්රිකට් කවුන්සිලය තීරණය කර ඇත. ඇෆ්ගනිස්තානයට අමතර ශ්රී ලංකාව, පාකිස්තානය ඉන්දියාවහා බංග්ලාදේශය තරගාවලියට ක්රීඩා කරනු ලබයි.
බංග්ලාදේශයේ පවතින දේශපාලන අස්තාවර බව හේතුවෙන් එම තරගාවලිය ශ්රී ලංකාවට විතැන් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වීමත් සමඟ ශ්රී ලංකා ක්රිකට් ආයතනයද තරගාවලිය ලබා ගැනීමේ සූදානමකින් පසුවිය.