ශ්‍රී ලාංකිකයන් ඉංදියාවට ගමන් කිරීමෙදී ඒ සඳහා අවශ්‍ය වීසා අවසරය ඉන්දියාවට පිවිසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය.
එය අලුත් අවුරුදු උදාවත් සමග එනම් අප්‍රේල් මස 14දා සිට ආරම්භ කිරීමට නියමිතය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් හතරක්ද අත්සන් කරනු ලැබීය.
එසේම ඉන්දු ලංකා ධීවර ගැටලුව නිම කිරීම සඳහා කිසියම් කාලයක් ගත වන බවත් ඔහු පැවැසුවේය.
ඉන්දියාව ශ්‍රී ලංකාවත් සමග සිටින බවත් සෑම දෙනෙක් සඳහාම සමානාත්මතාවය අවශ්‍ය බවත් ඔහු කීවේය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහා ගිය විසඳුමක් සඳහාද ඉන්දියාවේ සහාය හිමිවන බව ඔහු පැවැසීය.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ