2011 වසරේදී පැවැති එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම විසින් ශ්රී ලංකා කණ්ඩායම පරාජය කරනු ලැබීය. එහිදී අවසන් මහා තරගයේ ජයග්රාහී ලකුණ දෝනි විසින් ලබාගත්තේ හයේ පහරක් එල්ල කරමිනි. එදා සංගක්කාර එම හයේ පහර දෙස බලාසිටි ආකාරය 2011 ඡායාරූපයෙන් දැක්වෙයි.
2014 පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ශ්රී ලංකාව ජයගනු ලැබුවේ 2011 වසරේදී පැවැති ලෝක කුසලානය ජයගත් ඉන්දියානු කණ්ඩායම පරාජය කරමිනි. අවසන් තරගයේදී තිසර පෙරේරා එල්ල කළ දැවැන්ත හයේ පහර දෙස මෙදා දෝනි බලා සිටි ආකාරය 2014 ඡායාරූපයෙන් දැක්වෙයි.