ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා
අටවැනි පාර්ලිමේන්තුව මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂීම පාර්ලිමේන්තුවක් වේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ ගිවිසුමක් යටතේ සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිකරමින් කටයුතු කිරීමට කැමත්ත ප්‍රකාශ කිරීම හේතුවෙයි.
කළකට පසුව අඹු සැමි යුවළක්ද පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ඒ දයා ගමගේ හා අනෝමා ගමගේ යන අයයි. සහෝදරයන් කිහිපදෙනෙක්ද පාර්ලිමේන්තුවේ සිටියි. චමල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ, අර්ජුන රණතුංග හා ප්‍රසන්න රණතුංග, මයන්ත දිසානායක හා නවීන් දිසානායක, වසන්ත හා රංජිත් අලුවිහාරේ ඒ අතර වෙති.
හිටපු ජනපතිවරයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අටවැනි පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේය. ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතාද මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව තිබේ.
ප්‍රසන්න රණතුංග, දයාසිරි ජයසේකර, හරීන් ප්‍රනාන්දු යන හිටපු මහ ඇමතිවරුන්ද පාර්ලිමේන්තුවට පැමිණියේය.
රංජන් රාමනායක හා ගීතා කුමාරසිංහ යන නලු නිළියන්ද පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
ආචාර්යවරුන් වන විජයදාස රාජපක්ෂ, සරත් අමුණුගම හා හර්ෂද සිල්වා යන මහත්වරු පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
කතානායක කරු ජයසූරිය මහතා නවීන් දිසානායක මහතාගේ ඥාති මාමා වෙයි.
සේනානායක පරපුරේ වසන්ත සේනානායක පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
පූජ්‍ය පක්ෂය නියෝජනය කරමින් අතුරුලියෝ රතන හිමි පමණක් පාර්ලිමේන්තුවට තේරීපත්වූහ.
popular news
සිරි දළඳා වන්දනාකරුවෝ නොසන්සුන් වෙති
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
කළාවැවේ ජල කාන්දුවක්
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd