(PICTURES) අද (28දා) සිට තව දින 17කින් ආරම්භවන පන්දුවාර විස්සයි -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් තරග වඳින ශ්‍රී ලංකා කණ්ඩායමට ජයපතා රටවටා චාරිකාවේ යෙදෙන රිදම් එෆ්.එම් 'විස්සයි 20 සිංහ පැතුම' රථය අද (28දා) උදෑසන 9.30ට කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ගමන් ආරම්භ කළේය. ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන එන පැතුම සිංහ කොල්ලන්ට කොල්ලන් වෙත පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ, කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් අද කොළඹ නිදහස් චතුරස්රයට එක්විය.
ක්‍රිකට් ක්‍රීඩාලෝලී ඔබේ ඇඟිලි සලකුණ සොයා දින 23ක් රටවටා චාරිකාවේ යෙදෙන ජංගම රථයට ගොඩවී,පන්දුවෙන් සහ පිත්තෙන් සිංහ පැටවුන්ට දස්කම් දැක්වීමට දිරි වඩවන්නට ඔබේ ඇඟිලි සලකුණ ඩිජිටල් තිරය මත සලකුණු කළ හැකිය.
මේ සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය 'අද පුවත්පත' විසින් සිඳුකරනු ලබයි.
ගමන් මාර්ගය
28 - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මොරටුව
මාර්තු 01 - කළුතර, අලුත්ගම, ඇල්පිටිය, 02- ගාල්ල, අකුරුස්ස, පිටබැද්දර, 03- දෙනියාය, කොටපොල, ඌරැබොක්ක, 04- කඹුරැපිටිය, වැලිගම, මාතර, 05- දික්වැල්ල, තංගල්ල, හම්බන්තොට, 06- ඇබිලිපිටිය, තණමල්විල, වැල්ලවාය, 07- බුත්තල, මොනරාගල, අම්පාර, 08- මහියංගණය, දෙහිඅත්තකන්ඩිය, කඳුරැවෙල, 09- වැලිකන්ද, මඩකලපුව, ත්‍රිකුණාමලය, 10- හොරව්පතාන, අනුරාධපුර, මැදවච්චිය, 11- වවුනියාව, කිලිනොච්චි, 12- යාපනය, චාවකච්චේරි, මන්නාරම, 13- කැකිරාව, දඹුල්ල, මාතලේ, 14- මහනුවර, ගම්පොල, නුවරඑළිය, 15- වැලිමඩ, බදුල්ල, බණ්ඩාරවෙල, 16- බලංගොඩ, රත්නපුර, අවිස්සාවේල්ල, 17- කෑගල්ල, පොල්ගහවෙල, කුරැණෑගල, 18- කුලියාපිටිය, හෙට්ටිපොල, හලාවත, 19- වෙන්නප්පුව, මීගමුව, කටුනායක, 20- මිනුවන්ගොඩ, වේයන්ගොඩ, නිට්ටඹුව, 21- ගම්පහ, දෙල්ගොඩ, කිරිබත්ගොඩ, 22- මහරගම, කොටුව
ඡායාරූප ඒශාන් ප්‍රනාන්දු