පියවරෙන් පියවර වැඩ කළා - දිවයිනේ පළමුවැනියා
ආරම්භයේ සිටම පියවරෙන් පියවර වැඩකටයුතු කළ නිසාම තමාට සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වීමට හැකි වූ බව මෙවර අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ලංකාවෙන්ම පළමු වැනියාවූ කොළඹ නාලන්දා විද්‍යාලයේ එල්. තරිඳු නිර්මාල් වික්‍රමසිංහ සිසුවා 'අද' ට පැවසීය.
මෙම ජයග්‍රහණයට පාසලෙන් සහ පවුලෙන් ඉතා විශාල සහයෝගයක් ලැබුණු බවද, එක වසරේ සිට මේ දක්වා තමාට අධ්‍යාපනය ලබාදුන් සැමට ස්තූති කරන බවද තරිඳු පැවසීය.
VIDEO
ඩබ්ලිව්.ඒ. සඳුනි නවංජනා ජයවර්ධන - දිවයිනේ දෙවැනිස්ථානය (ගම්පහ සිරිකුරුස විද්‍යාලය)
යහළුවන්ට පාඩම් කියාදීම සාර්ථකයි - දිවයිනේ තෙවැනියා
කට පාඩම් කිරීමෙන් ඉවත්ව විෂය මතකයේ තබාගෙන යහළුවෙකුට කියාදීම විභාගය සමත් වීමේදී ප්‍රයෝජනවත් වූ බව සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ තෙවැනි ස්ථානය දිනාගත් කොළඹ විශාකා විද්‍යාලයේ අමාෂි නිවර්තනා සිසුවිය ප්‍රකාශ කළාය.
ගුරුවරයෙකු විෂය උගන්වන අවස්ථාවේදී සාවධානව අසා සිට අවශ්‍ය අවස්ථාවලදී ප්‍රශ්න කරමින් කරුණු නිරාකරණය කරගත් බවද ඇය කීවාය.
බාහිර පන්තිවලට එතරම් අවධානයක් යොමු නොකළ බවත්, යම් විෂයක් සාමාන්‍ය දෙයක් බවට පත් කරගත් පසු මතකයේ තබාගැනීම පහසු වූ බවත් අමාෂි නිවර්තනා සඳහන් කළාය.
ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා අනාගතයේදී වෛද්‍යවරියක හෝ විද්‍යාඥවරියක වීමට බලාපොරොත්තු වන බවද ඇය පවසා සිටියාය.
අමාෂි නිවර්තනා
එස්.ඒ. නුවනී නෙත්සරණි - සම තෙවැනි ස්ථානය (ගම්පහ රත්නාවලී බාලිකා විදුහල)
දෙවිනි රුවන්කා හේමසිංහ - දිවයිනේ සිවුවැනි ස්ථානය (විශාකා බාලිකා මහා විද්‍යාලය, කොළඹ )
අමිත් මධුරංග/චාමර සම්පත්/ක්‍රිෂාන් රණසිංහ/ශමීර රාජපක්ෂ