2011 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණ කාලසීමාවේදී නීති විරෝධි පෙළපාළියක් ගමන් කල බවට සඳහන් කරමින් කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ජී.එච්. බුද්ධදාස මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (23දා) ප්‍රශ්න කළේය.