ගෙවීමේ ක්‍රමයට විදුලි සම්බන්ධතා ලබාදෙන විදුලිබල මණ්ඩලය මෑන්පවර් තනතුර යටතේ සේවය කරන විදුලි අයපත්කරුවන් 1400ක ප්‍රමාණය ස්වර සේවයට නොගැනීම අවාසනාවන්ත සිදුවීමක් බව මිනිස් බල අයපත්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
දින 180 ක සේවා කාලයකින් පසු සියලුම රාජ්‍ය ආයතන සේවකයන් ස්වර සේවයට ඇතුළත් කළයුතු බවට පවතින චක්‍ර‘ලේඛයට අනුව දින 180 සම්පූර්ණ කර සිටි විදුලිබල මණ්ඩල සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් කර ගත්තත් වසර 10කට වැඩි කාලයක් අයපත්කරුවන් ලෙස කටයුතු කරන පිරිස් ස්ථිර සේවයට ඇතුළත් කර නොගත් බවද එම සංගමයේ කැඳවුම්කරු චතුර වීරරත්න මහතා සඳහන් කළේය.
මේ නිසා අයපත්කරුවන් 1400 දෙනා ස්ථිර සේවයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහයට දින 15 ක් අද (12දා) ගත වී තිබෙන බවද පවසා සිටියේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ