මධ්‍යම කඳුකරයට මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළ බැසීමත් සමග එම ජලාශයට යටවී තිබුණු ඉපැරණි තෙල්දෙණිය නගරය යළිත් මතුවී ඇත.
මෙම වර්ෂය තුළ පැරණි පාලම හා චෛත්‍ය නටබුන් මතු වූ දෙවන අවස්ථාව මේ වන බවත් ජලාශයේ ජල මට්ටමශීඝ්රයෙන් පහත බසිමින් පවතින බවත් ප්‍රදේශවාසීහු පවසති.
කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය අනුව ඉදි කළ වික්ටෝරියා ජලාශය හේතුවෙන් ජලයට යටවූ විශාලම නගරය තෙල්දෙණිය නගරයයි.
දුම්බර- එම්.ආර්. ප්‍රදීප්