කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ රෝගීව සිටියදී ඉකුත් 12 දින වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවප්පෙරුම මහතාගේ මැදිහත්වීමෙන් කරුවලගස්වැව වනජීවී කාර්යාලය අසළ තබ්බෝව වැව් තාවුල්ලට රැගෙන විත් ප්‍රතිකාර ලබමින් සිටින අලි පැටවාගේ සුවදුක් බැලීම සඳහා ඊයේ (17දා) දහවල් පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා නැවත පැමිණයේය.
මෙහි දී වැව් ජලයේ සිටි අලි පැටවා වනජීවී නිලධාරීන් සමග ගොඩට ගෙන ප්‍රතිකාර කිරීමටද පාලිත තෙවරප්පෙරුම මහතා වනජීවී පශු වෛද්‍යවරයාට සහය විය.
අඩි 4ක් පමණ උසැති වයස අවුරුදු 03 ක් පමණ වන බව පැවසෙන මෙම අලි පැටවා ඇවිදගත නොහැකිව සිටියි. කොදු ඇටපෙළේ ආබාධයක් ඊට හේතුව බවට වනජීවී නිලධාරීහු පවසති.
ඒ අනුව අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය කාර්යාලය මගින් තවදුරටත් අලි පැටවාට ප්‍රතිකාර කිරීම සිදුවෙන බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක එම්.ඥාණරත්න මහතා පැවසීය.
කරුවලගස්වැව ජයරත්න