ADA
www.ada.lk
2025 මාර්තු මස 10 වන සඳුදා
මේ වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයේ හැට වැනි සංවත්සරය පමණක් නොව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ මනමේ නාට්‍ය‘යේ හැට වැනි සංවත්සරයද සැමරීමට සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05දා) පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 97 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඒ මහතාගේ නිවසේ පැවැති සැමරුමට සහභාගි වෙමිනි. මීට සමගාමීව ලේඛක හා විචාරක අජිත් ගලප්පත්ති මහතා විසින් රචිත 'ලෙස්ටර් - ශ්‍රී ලංකාවේ /සිනමාවේ' කෘතිය ජනගත කිරීමද සිදුවිය.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතීඥ දීපාල් චන්ද්‍රරත්න, ලෙස්ටර් කෘතියේ ප්‍රකාශක සරසවි අධිපති එච්.ඩී. ප්‍රේමසිරි, රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙණිය, රංගන ශිල්පිනී නදීකා ගුණසේකර, චිත්‍රපට අධ්යක්ෂ චන්ද්‍රන් රත්නම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
popular news
අවුරුඳු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාලයකදි වෛද්‍ය පරීක්ෂණයකට
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
සැකකටයුතු ප්‍රාඩෝ රථයක් සමඟ හෝටල් හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
පුද්ගලිකව එක් වාහනයක් ආනයනය කළ හැකියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd