ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 27 වන බදාදා
කෝටි 9 ලක්ෂයක ණය බරින් මිදී රට සංවර්ධනය කරා ගෙනයාමට සියලු දෙනා එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු පොදු ආරාධනයක් කළේය. රට සංහිඳියාවෙන් ඉදිරියට යා යුතු බවත් ඒ වෙනුවෙන් ඒවෙනුවෙන් සමස්ත ලාංකිකයන්ගේම දායකත්වය අවශ්‍ය බවත් ජනාධිපතිවරයා පැවසුවේ ඊයේ (04දා) කුරුණෑගල මාළිගාපිටියේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වැනි සංවත්සරයට එක්වෙමිනි.
එමෙන්ම තමා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාරගත්තේ නැවත ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් බිහිකිරීමේ අරමුණින් බවත් වෙනත් බලවේග නිර්මාණය කරන්නට උත්සාහ නොකර ඒවෙනුවෙන් එක්වෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. ලබන වර්ෂයේ පැවැත්වෙන පළාත් පලන මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ අත ලකුණින් තරග කිරීමට පක්ෂය තීරණය කර ඇති අතර ඒ සඳහා පුළුල් බලවේගයක් නිර්මාණය කළ යුතු බවද ජනාධිපතිවරයා කීවේය.
" ලබන අවුරුද්දේ මුල් මාසේ පළාත් පාලන මැතිවරණය එනවා. දිවයිනේ සියලු පළාත් පාලන දිස්ත්‍රික්කවලට අත ලකුණින් අපි තරග කරනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න එකතු වෙන ඒ සියල්ලට ආරාධනය කරනවා ඒ මැතිවරණය ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොඩිය යටට එකතු වෙන්න කියලා. ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තු ගිහින් විරුද්ධ පක්ෂයේ ඉන්න ඕන කියපු අයට මම කියනවා අනාගතයේ ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න පක්ෂය එක්ක එකතු වෙන්න කියලා. මේ පක්ෂය නියෝජනය කරන්නේ පොඩි මිනිස්සු කියන එක අපි තේරුම් ගන්න ඕන.
සමහර අය මට එළිපිට ගහනවා. සමහරු රහසේ ගහනවා. සමහරු විවෘතව ගහනවා. තව සමහරු අභ්‍යන්තරව විවෘත නොවන විදියට ගහනවා. මම ඒ හැමොගෙන්ම අහනවා මම පුංචි මිනිහෙක් හින්දාද එහෙම කරන්නේ කියලා? මම තමයි මේ රටේ පැල්පතින් ආපු කුඹුරෙන් ආපු ගොයම් කොළයෙන් ආපු ජනපතිවරයා. මම ධනපති පන්තියේ නොවන නිසාද මට ගහන්නේ. මගේ තාත්තා ගොවියෙක් නිසාද මට ගහන්නේ. මගේ තාත්තගේ අක්කර පහින් යැපිලා සියලු වගකීම් එක්ක ඉදිරියට ආපු පුංචි මිනිහෙක් හින්දද මට ගහන්නේ කියලා මම අහනවා.
අද අපි කරන්න හදන සංහිඳියාවට සමහරු උසුළු විසිළු කරනවා. ජාත්‍යන්තර බලවේගවලට යටකරන සංහිඳියාව කියනවා. එදත් එහෙමයි සෙවල බණ්ඩා රට කඩන්න හදනවා කිව්වා. ධර්මපාලතුමා එද කිව්වේ සිංහලයිනි නැගිටිව් කියලා. මම අද ජනපති ලෙස මේ රටේ ජනතාවගේ සේවකයා හැටියට ලාංකිකයිනි නැගිටිව් කියලා කියනවා.
මේ රට ජනතාව සියල්ල එක්ක අපි සියලු දෙනාගේ සහයෝගය අරගෙන කෝටි 9 ලක්ෂයක ණය බරින් මිදෙන්න අපි එකතු වෙන්න ඕන. මේක අත්හරින්නද කියන්නේ. මෙය එක පංතියකට, ජාතියකට බාරදීලා බෑ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා ඇවිත් තිබෙන යෝජනාවල බරපතළ තත්ත්වය ඉතාම සරල වුවත් එය ජයග්‍රහණය කරන්න සියලුදෙනා එකාවන්ව එක්විය යුතුයි" යැයි ජනපතිවරයා පැවැසීය.
popular news
කතරගම එන බැතිමතුන්ට බස්නායක නිලමේගෙන් දැනුම් දිමක්
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ
ඇමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ලංකාවේ ගරු සේවකයකට එන මහාචාර්යවරයා
අස්වැසුම ගැන නව රජය තිරණයක් ගනියි
ජපානයෙන් ලංකාවට සහතිකයක්
අයියර්ගේ වාර්තාව විනාඩි කිහිපයකින් පාන්ට් බිඳ දමයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd