ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 30 වන බදාදා
එල්ලෙන කේක් නිර්මාණ කලාව ලොවට හඳුන්වා දෙමින් මෙන්ම ඒ අනුව ලංකාවේ ඉදි වූ ලොව උසම එල්ලෙන කේක් ආකෘතියද නිර්මාණය කරමින් කේක් නිර්මාණකරණයේ නව මානයන් සොයා ගිය චෙෆ් මාටිනස් තවත් ශ්‍රී ලාංකීය වාර්තාවක් පසුගියදා හිල්ටන් හෝටල් පරිශ්‍ර‘යේදී තබන ලදී.
ඒ අඩි 21.9 ක උස හා අඩි 8 ක පළලින් යුතු ලංකාවේ විවාහ උත්සවයක් සඳහා නිර්මාණය කළ උසින් වැඩිම කේක් නිර්මාණය සිදුකරමිනි. ඇන්ජලෝ විජේසිංහ සහ සෙනුරි ඩිලංකා යුවළගේ විවාහ උත්සවය වෙනුවෙන් පසුගිය 15 වැනිදා නිර්මාණය කළ මෙම කේක් ආකෘතිය තුළ ප්රියෝනිස්, රෝස, ඕකිඩ්, ස්ටෙෆිනොට්ස් ආදී මල් වර්ග අයිසිං නිර්මාණ ලෙස අලංකරණයට එක්කර තිබුණි. දින 45ක කාලයක් මෙම නිර්මාණය වෙනුවෙන් වැය කළ බවත්, මෙහි වටිනාකම රුපියල් මිලියන 1.5 ක් වන බවත් චෙෆ් මාටිනස් සඳහන් කරයි.
රත්රන්, ඇත්දළ යන වර්ණවලින් වූ ලියවැල්, පබලු, ගල්වර්ග ආදියෙන් මෙම කේක් නිර්මාණය සමන්විත විය.විදේශයන් රැසක තරුපන්තියේ හෝටල්වල ප්‍රවීණ සූපවේදියෙකු ලෙස කටයුතු කර ඇති චෙෆ් මාටිනස් තම නමින් වර්තමානයේ කේක් ආකෘති නිර්මාණකරණ ආයතනයක් පවත්වාගෙන යයි.
ලෝකයේ ලොකුම අයිසින් රෝසමල ඇතුළු වාර්තාගත නිර්මාණ රැසක් සිදුකළ චෙෆ් මාටිනස් තම සේවාදායකයන්ගේ රුචිකත්වය පරිදි නව නිර්මාණ බිහිකිරීමට සැදී පැහැදී සිටින බව 'අද' ට ප්‍රකාශ කළේය.ඔහුගේ දුරකථන අංකය 0779 944555 ඔස්සේ මෙන්ම ෆේස්බුක් පිටුව වන Cheff Martinesz හරහා ඔහුව සම්බන්ධ කරගත හැකිය.
popular news
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට
රුවන්වැලිසෑයට ප්‍රහාරයක් එල්ලවන බවට 119ට ඇමතුමක්
14 හැවැරිදි සූර්යවංශි අයි.පි.එල්. පිටිය කනපිට පෙරළයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd