මිහින්තලා රජරට විශ්වවිද්‍යාලයේ සිසු ක්‍රියාකාරීන් 27 දෙනෙකුගේ පන්ති තහනමට හා අධ්‍යාපනය මුදලට විකිණීමට විරෝධය පළකරමින් අද (12දා) දහවල් මිහින්තලා රජරට විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල සිසූහු විරෝධතාවක නිරතවූහ. ඔවුන් අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිටින් විරෝධතා පා ගමනක් ආරම්භ කර අනුරාධපුර නව නගර බස්නැවතුම්පළ ඉදිරිපිටට පැමිණ ප්‍රධාන මාර්ගය අහුරා දැවැන්ත විරෝධතාවක් පැවැත්වූහ.
අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්' සිවලිංගම් මහතා ඇතුළු කැරලි මර්දන පොලිස් කණ්ඩායමක් විරෝධතාව දියත්කළ ස්ථානයට පැමිණ සිසුන්ට එම ස්ථානයෙන් ඉවත්වීමට දැන්වීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය.