මොරටුව විශ්වවිද්‍යාලයීය ඉලෙක්ට්‍රොනික් විදුලි සංදේශ අංශය විසින් 'සී හෝක්' ලෙස නම් කළ ගුවන් නියමුවන් රහිතව පියාසර කළ හැකි ගුවන් යානයක් නිපදවා තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් විදුලි සංදේශ අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා ප්රමුඛ මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරී හා උපාධි අපේක්ෂක පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම නිපදවීම සිදුකර තිබේ.
2007 වර්ෂයේ සිට පරීක්ෂණ පවත්වමින් වසර ගණනාවක් විවිධ අත්හදා බැලීම් සිදුකිරීමෙන් අනතුරුව ගුවන් නියමුවෙකු රහිතව පියාසර කළ හැකි මෙම යානය නිපදවා තිබේ.
ලේසර්, කාබන්, ෆයිබර් ග්ලාස් යනාදී අමුද්‍රව්‍ය භාවිත කරමින් නිපදවා ඇති මෙම ගුවන් යානය සමගින් නියමු රහිත ගුවන් යානා පර්යේෂණ මධ්‍යස්ථානයද පසුගියදා විවෘත කෙරිණි.
මෙම විවෘත කිරීමේ උත්සවයට මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, ඉලෙක්ට්‍රොනික් විදුලි සංදේශ අංශයේ පීඨාධිපති මහාචාර්ය අනුරුද්ධ පුස්සවෙල, අංශ ප්‍රධානී ආචාර්ය අජිත් පැස්කුවල් හා යානය නිපදවීමේ පුරෝගාමී වූ මහාචාර්ය රොහාන් මුණසිංහ සහභාගී වී සිටියහ.
මෙම ගුවන් යානව පෙනුමින් හා බොහෝ ලක්ෂණ අතින් යුරෝපීය රටක නිපැයුණු එකක් බව බොහෝ විද්වත්හු පවසති.
මෙම නිර්මාණය සිදුකිරීමට මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා ප්රමුඛ කණ්ඩායම බොහෝ කාලයක් මුළුල්ලේ දැඩි ලෙස වෙහෙස වූ බව මොරටුව සරසවියේ ඉලෙක්ට්‍රොනික් විදුලි සංදේශ අංශයේ පීඨාධිපති අනුරුද්ධ පුස්සවෙල මහතා 'අද' පුවත්පත වෙත පැවසීය.
ශ්‍රී ලංකා ජාතික කොඩියේ සිංහ රුව යානයේ තටුවලට යෙදීමෙන් එහි අභිමානවත් බව උකහාගැනීමට පර්යේෂණ කණ්ඩායම සමත් වී ඇත.
විද්‍යාවේදී උපාධි අපේක්ෂක චාමික ගමගේ, රොෂාන් ලලන්ත ඇතුළුව පර්යේෂණ සහායකයන් ලෙස අනුරුද්ධ තෙන්නකෝන්, සංචිත පියුමාල්, එරංග ප්‍රනාන්දු සහ සංජීව ප්‍රනාන්දු යන පර්යේෂණ කණ්ඩායම මෙම යානය නිපදවීමට දායක වී තිබේ.