ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවන්නේ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසෙමිනි. වේදිකාවේ ඔහුගේ ඉරියව්ද මෝදිගේ ඉරියව්වලට බොහෝ සෙයින් සමාන වී තිබේ. මෛත්‍රීගේ බාහිර ස්වරූපය එසේය. ඔහුට මෝදි මෙන් පෙරළියක් කළ හැකිවේද? ජනවාරි 09 වැනිදාට මෛත්‍රී මෝදි වගේ වෙයිද කියා අපට දැන ගත හැකි වනු ඇත.