තමා පොදු අපෙක්ෂක ලෙස ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන බවත් තමාගේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන බවත් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. තම තීරණය දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට අද කොළඹදී එක්වෙමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
මේ එහිදී සඳහන් කළ කරුණු
අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතායි.
ජනරාල් සරත් ෆොන්සේක මහතා විශෙෂ කැපවීමක් කළා.
උසාවි අධිකරණ පොලිස් රාජකාරී බිඳ වැටිලා.නීතීයේ ස්වාධිපත්‍යය කඩා වැටිලා .දුෂණය ,වංචාව ,අයුක්තිය ,හොරකම බරපතල ලෙස පැතිරිලා
අල්ලස දුෂණය නැති කරනවා.
ස්වාධිනව හා අපක්ෂපාතව රාජකාරී කිරීමේ අවස්ථාව පොලීසියට,අධිකරණයට ලබා දෙනවා.
දේශපාලන බලපෑමෙන් තොර රජයේ සේවයක් ඇති කරනවා
නිදහස් හා සාධාරණ මැතිවරණයකට උපකාරීවන්නැයි ලෙස ත්‍රිවිධ හමුදාවෙන් හා පොලීසියෙන් ඉල්ලා සිටිනවා
නිදහස් මාධ්‍ය වළදමා තිබෙනවා. අපේ රජය යටතේ සෑබෑ මාධ්‍ය නිදහසක් ඇති කරනවා.
දුෂණ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා.
ස්වාධීන කොමිෂන් සභා නීතීගත කරන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා 17 වැනි සංශෝදනය නැවත ඇති කරනවා.
18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා.
රතන හාමුදුරුවෝ වර්තමාන කුඩාපොළ හාමුදුරුවොයි.
සෝභිත හිමි, චන්ද්‍රිකා මැතිණිය, රතනහිමි විශේෂ කාර්යයක් කළා.
ඔබ සියලු දෙනාගේම සහාය දෙන්න.
නිදහස් මාධ්‍යයක් අැතිකරනවා.
මම සෑම පක්ෂයක් සමගම සාකච්ඡා කළා.
මගේ බිරිය හා දරුවන් ඒ සඳහා මට ආශිර්වාදය දුන්නා.
‘තාත්තා ඕනෑම තීන්දුවක් ගන්න අපි මැරෙන්න වුණත් ලෑස්තියි‘ දරුවනුත් මට කිව්වා.
තරුණයන්ට හොඳ අනාගතයක් හදනවා.
දින 100කින් විධායක ජනපතිධුරය අහෝසිකරනවා.
විධායක ජනපති ධුරය අහෝසිකිරීමට තීන්දුවක් ගත්තා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි.
දුමිවැටියටට මත්දුව්යයට එරෙහිව ගෙන ගිය අරගලයට බාධා කළා.
පසුගිය අවුරුදු හතරේ මගේ අත්දැකිම් කටුකයි.
හෙට අනිද්දා රාශියක් එනවා.
පවුලක් විසින් රටේ පාලනය අතට අරගෙන තියෙනවා.
දූෂණය වංචනය අක්රමිකතාවය අයුක්තිය බර පතල ලෙස ක්‍රියාත්මකයි. නීතියේ ආධිපත්‍ය ඛේදවාචකයක්.
රට යන්නේ සොඳුරු ආඥා දායකත්වයක් කරා.
යුද ජයග්රහණයෙන් පසුව ආණ්ඩුව වැරදි පාරක ගියා. 18 සංශෝධය බරපතල වැරැද්දක්.
2005 ජනපතිවරයා බලයට පත්වූණා. දශකයේ ත්‍රිවිධ හාමුදාව පොලීසිය යුද්දය කළාට රටම ණය ගැතියි.
2004 ආණ්ඩුවක් පිහිටුවීමට සන්ධානය හැදුවා.
1994 පස්සේ චන්ද්‍රිකා මැතිණිය ත්‍රස්තවාදය පරාජය කරන්න විශාල මෙහෙක් ගත්තා.
1974 - 1994 දක්වා සිරිමාවෝ කදුලු සලමින් පක්ෂය රැක්ෂා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියක් හා දර්ශනයක් තිබෙනවා.
මේක ඉතිහාස ගත පරිත්‍යාගයක්.
රනිල් මැතිතුමාට, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතියට ස්තූතියි.
ස්ථිර වශයෙන්ම ජනපතිවරණය ජය ගන්නවා.
පොදු අපේක්ෂකයා මමයි. මාව පත්කර ගැනිමට ස්තූතියි.
එක්සත් ජාතික පකෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ රාශියක් සමග සාකච්චා කළා.
දීර්ඝ කාලයක් පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මම අණ්ඩව වසර 47ක් සේවය කළා.
මෛත්‍රී සියල්ල පිළිගනී.
එම්.පී.බි.එස්. ගුණවර්ධන පැමිණියේය.
වසන්ත සේනානායක පැමිණියේය.
දුමින්ද දිසානායක පැමිණියේය.
රජිව් විජේසිංහ, චන්ද්‍රකා බණ්ඩානායක කුමාරතුංග, අර්ජුණ රනතුංග පැමිණයේය.
මෛත්‍රීපාල සේනානායක මහතා හා රාජිත සේනනාරත්න මහතා පැමිණියේය.
පිරිසිදු නායකත්වයක් මෛත්‍රී පාලනයක් යනුවෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විමට සියලු කටයුතු සූදානමින් සිටියි. මෛත්‍රීපාල සේනානයක මහතා දැන් නගරශාලාවට පැමිණෙමින් සිටියි.
කොළඹ නව නගරශාලාවේ පැවැත්විමට නියමිත මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සියලු දෙනාම සූදානමින් සිටියි.
රාජිත සේනාරත්න
මෛත්‍රී රජගෙදර වාඩි කරනවා.
ඉතුරුවෙන ගාන මට කියන්න බෑ- ඉතුරු වෙන අය සොයන්න බැරිවෙයි.
බණ්ඩාරනායක අවශ්‍යතාවය ඇවිත් තිබෙනවා. මේ ආරම්භය විතරයි. ගාන කෑලි කෑලි වලට දැම්මාම ලස්නයි. ඉස්සරහට කෑල්ල කෑල්ල එනවා.
රනිල් වික්‍රමසිංහ මහත්මයා විශාල කැපවීමක් කළා. ඒවා දේශපාලන පරිත්‍යාග. ඔහු ශේෂ්ඨ විධියට දේශපාලනය කළා.
පැන අසාධාරණයට යොදවන්න එපා. අපි ජිවිත පරිත්‍යාගයෙන් ආවා.
18 සංශෝධනය ගැන සමාව ඉල්ලනවා.
රාජපක්ෂ පවුලයි අපියි අතර ගැටුමක් නෑ.
ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකඡාවක් පවත්වනවා.
බණ්ඩාරනායක වගේ අවිහින්සාවාදී නායකයෙක් බිහිකරනවා.
මැතිවරණයෙන් මෛත්‍රී ජනපති කරනවා.
කොම්පැනි නැති අය අද කොම්පැනි හදනවා.
කොහාටද මේ රට යන්නේ. මැතිවරණ ක්‍රමයෙන් ඇති කරන්නේ දූෂිතයෝ
රට එන්න එන්නව කොටු වෙනවා.
සංවර්ධනය ගැන ප්‍රශ්නයක් නෑ
චානක චන්ද්‍රසේකර/ චාමර සම්පත්
ඡායාරූප - එ්ෂාන් ප්‍රනාන්දූ/ඉසුරු පෙරේරා