බුද්ධගයාව බෝම්බ පිපිරීම ඇතුළු ඉන්දියාවේ සිදුවූ බෝම්බ ප්‍රහාර ගණනාවක් සිදුකළ ‘ඉන්දියානු මුජහඩීන්’ නමැති ත්‍රස්ත සංවිධානයේ නායකයා අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත්ව තිබේ.
ටෙසීන් අක්තාර් නමැති 23 හැවිරිදි ත්‍රස්ත නායකයා මෙසේ අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මුජහඩීන් සංවිධානය අකර්මණ්‍ය තත්ත්වයට පත්වෙනු ඇතැයි ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.
එම සංවිධානයේ නිර්මාපකයා වශයෙන් සැලකෙන සයින් බට්කාල් පසුගිය වසරේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අක්තාර් සංවිධානයේ නායකත්වයට පත්ව ඇත.