‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014’ රූ රැජින තරගාවලියේ එක් අංගයක් වන ‘මිස් ඇක්ටිව්’ වඩාත් කාර්යශූර රූමතිය ලෙස නිඛිලා නන්දගෝපාල් අද (14දා) ජයග්රහණය කළාය.
බේරුවල සිනමන් බේ හෝටලයේදී පැවැති අභියෝගාත්මක තරග කිහිපයකින් පසුව ඇය ඒ සඳහා සුදුසුකම් ලැබුවාය.
දිවයිනට පැමිණි මිස් ඉන්ඩියා රූ රැජින තරගාවලියේ අවසන් වටයේ ඉන්දීය යුවතියෝ විසිපස් දෙනෙක් මෙම අභියෝගාත්මක තරගාවලිය සඳහා ඉදිරිපත් වූහ. ඉන් අවසන් අභියෝගාත්මක ක්රීඩා ඉසව්ව මනා ඉවසීමකින් ඉතා දක්ෂ ලෙස නිම කිරීමට නිඛිලා නන්දගෝපාල් සමත් විය.