මිනුවන්ගොඩ හීනටියනදී ඊයේ (12දා) දහවල් වෙඩි තැබීමකින් පුද්ගලයකුට තුවාල සිදුවීම සම්බන්ධයෙන් කටුනායක පොලිසියේ සැරයන්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය කියයි.
කටුනායක පොලිසියේ පිරිසක් වැටලීමක් සඳහා ගිය අවස්ථාවේදී පොලිස් අණ නොතකා ගමන් ගත් ති‍්‍රරෝද රියකට වෙඩි තැබූ අවස්ථාවේ එම වෙඩි පහර ඒ ආසන්නයේ නිවසක සැරසිලි කරමින් සිටි පේ‍්‍රමලාල් කුමාරසිරි යන අයගේ අතෙහි වැදීමෙන් තුවාල සිදුව මිනුවන්ගෝඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පහ රෝහලට මාරු කර යවණු ලැබිණි.
අනතුරුව මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ බස්නාහිර පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති එච්.ජී. කුලරත්න මහතාගේ නියෝගයෙන් සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.
(මීරිගම එම් කාන්ති)