ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
දේශපාලඥයන් විසින් උදුරා ගත් මැයි දිනය යළිත් වැඩ කරන ජනතාව අතට පත්කර ගැනීමට කටයුතු කරන බව මැයි දිනය රැක ගැනීම සඳහා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
ආණ්ඩුව මැයි දිනය වෙනස් කිරීමට කටයුතු කළද, උපන් දිනයක් වෙනස් කිරීමට නොහැකි සේ මැයි දිනයද කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි බව එම එකමුතුවේ සාමාජික, නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් මහතා සඳහන් කළේය.
මැයි දිනය වැඩ කරන ජනතාවට අයිති දිනය බැවින් ආණ්ඩුවේ මර්දනය හමුවේ පවා අද (01දා) වෘත්තීය සමිති 23ක් එක්ව සැබෑ මැයි දිනයක් සැමරු වූ බවද හෙතෙම පවසා සිටියේය.
මැයි දිනය රැක ගැනීම සඳහා වූ වෘත්තීය සමිති එකමුතුව විසින් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට ලොටස් පාර දක්වා මැයි දින පාගමනක් පවත්වනු ලැබීය. ඉන් පසුව ටිපර් රථයක සකස් කළ වේදිකාවක් මත සිට මැයි දින රැලිය පැවැත්වීමට කටයුතු කෙරිණි.
මැයි පෙළපාළියේ පැමිණ පිරිස් ජනාධිපතිවරයාට සන්දේශයක් බාර දීමට ගමන් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මාර්ග බාධක යොදා ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කළේය.
ඉන් පසුව අදාළ සන්දේශය රැගෙනි නියෝජිතයන් 05 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට පොලීසිය අවසර ලබා දුන්නේය.
මෙම පෙළපාලිය සඳහා ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වූ කූඹියෝ ටෙලි නාට්‍යයේ විපක්ෂනායක ලෙස මල්දෙණිය චරිතයට රඟ පෑ පීටර් ඩි අල්මේදා මහතාද එක්ව සිටියේය.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd