සිය එක්දින දිවියේ පළමු ශතකය රැස්කිරීමට ඇන්ජලො මැතිව්ස් අද (16දා) සමත්වූයේය. ඒ ඉන්දියාව සමග පැවැති පස්වැනි එක්දින තරගයේදීය. මෙම ශතකය වාර්තා කිරීමට එක්දින ඉනිම 116ක් බලා සිටීමට මැතිව්ස්ට සිදුවිය.
එසේම මෙහිදී මැතිව්ස් නොදැවී ලකුණු 139ක් රැස්කළ අතර එය ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී වෙනත් කණ්ඩායමකනායකයෙකු රැස්කළ තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. මෙම ලකුණු ප්‍රමාණයත් සමගින් 2014 වසරේ එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 1000 සීමාව ඉක්මවූ පළමු පිතිකරු බවටත් මැතිව්ස් පත්විය.
මැතිව්ස්ගේ ඉනිමට හයේ පහර 10ක් ඇතුළත් වූ අතර එය එක්දින ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු එල්ල කළ දෙවැනි වැඩිම හයේ පහර ප්‍රමාණය වෙයි. මීට ඉහතදී සනත් ජයසූරිය හයේ පහර 11ක් එල්ල කර තිබේ.