ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 30 වන බදාදා
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට තමා කැඳවීම කිසිදු අයුරකින් ක්‍රීඩකයන්ට එරෙහිව සිදුකරන විමර්ශනයකට නොවන බවත්, එය ක්‍රීඩකයන්ට කළ බලපෑම්වලට එරෙහිව සිදුකරන විමර්ශනයක් සඳහා කැඳවීමක් පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනින් පෙරේරාට හා රංගන හේරත්ට තරග පාවාදීමට යෝජනා කිරීම පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19දා) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී මැතිව්ස් මේ බව පවසා සිටියේය.
කුසල් ජනිත් හා රංගන හේරත්ට තරග පාවාදීම සඳහා කළ බලපෑම් පිළිබඳව කණ්ඩායම් නායකයා ලෙස තමන් දන්නා තොරතුරු විමර්ශනය සඳහා මැතිව්ස් කැඳවනු ලැබීය. ඒ සඳහා අද (19දා) පෙ.ව. 10.00 මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැමිණෙන ලෙස ඔහුට දන්වා තිබූ අතර, ඒ සඳහා මැතිව්ස් නියමිත වේලාවටම පැමිණියේය. පැය පහක පමණ කාලයක් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ප.ව. 3.00ට පමණ ඔහු විමර්ශන කොමිසට්ඨාසයෙන් නැවත පිටව ගියේය.
popular news
සිරි දළඳා වන්දනාකරුවෝ නොසන්සුන් වෙති
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
කළාවැවේ ජල කාන්දුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd