මානව හිමිකම් ක්ෂේත්රයේ මෑත කාලීනව ශ්‍රී ලංකාව ලැබූ ප්‍රගතිය පිළිබඳව ප්‍රසාදය පළකරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු පැවසීය.
ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර ආණ්ඩුකාර නිල නිවසේදී ඊයේ (07දා) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා හා පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ගැන ලොව බලා සිටින බවත්, විශේෂයෙන් නැගෙනහිර පළාතේ සංහිදියාව වෙනුවෙන් සෘජුව මැදිහත් වීමෙන් ආණ්ඩුකාරවරයා සිදුකරන කැපවීම සම්බන්ධයෙන්ද කොමසාරිස්වරයා ප්‍රශංසාව පළකළේය.
නැගෙනහිර මහා ඇමති නසීර් අහමඩ් ඇතුළු පළාත් සභාවේ මැති ඇමති පිරිස හමුවූ කුමරු එහිදී යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හා නැගෙනහිර සංවර්ධනය පිළිබඳ අදහස් හුවමාරු කරගෙන තිබේ.
මෙම සාකච්ඡාව මාධ්‍යයට විවෘත නොවූ අතර, සාකච්ඡාවෙන් පසුව මෙම කරුණු මාධ්‍යයට හෙළිකෙරිණි.
ත්‍රිකුණාමලය චමෝද්‍යා