කළුතර දිස්ත්‍රික්කයේ, හොරණ මැතිවරණ කොට්ඨාශයේ මව්ගම, මෙරට පාරම්පරික කර්මාන්තයක් වන වෙස්මුහුණු නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කොට එම ගම්මානය විවෘත කිරීම එළැඹෙන 11 වැනිදා සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
මෙම ගම්මානය සඳහා රු.මිලියන 2 කට අධික මුදලක් සම්ප්‍රදායික කටයුතු හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය මගින් වැය කොට ඇති බව පැවසෙයි. මෙම ගම්මානය සංවර්ධන කිරීම ජාතික ශිල්ප සභාව හා ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් සිදුකර තිබේ. මෙහිදී වෙස්මුහුණු කර්මාන්තයේ යෙදෙන ශිල්පීන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය හා මෙවලම්ද, ඔවුන්ට වෙස්මුහුණු නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වැඩමුළු, පුහුණුව හා තාක්ෂණයද නව මෝස්තරද ලබා දී ඇති බව කියැවෙයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රදායික කර්මාන්ත හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟා සිටුවීමේ එක් අංගයක් වන නිෂ්පාදන ගම්මාන සංවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස මෙම අවස්ථාව හඳුන්වා දෙයි.