මන්නාරම තිරුකේදීස්වරන් සමූහ මිනීවළේ පස්වැනි වතාවටත් සිදුකරන ලද කැණීම්වලින් මළසිරුරු 36 ක අස්ථි කොටස් හා මියගිය අයගේ බවට සැකකෙරෙන මුතු මාල තොගයක් හමු වී ඇති බව මන්නාරම පොලීසිය ප්‍රකාශ කරයි.
මන්නාරම තිරුකේදීශ්වරන් සමූහ මීනිවළේ අස්ථි කැබලි ගොඩගැනීම සඳහා අද (16දා) සිදුකළ කැණීම්වලින් මිනිස් සිරුරු 04 ක අස්ථි කොටස් මතු කරගැනීමට හැකි වූ බවද මන්නාරම පොලීසිය පැවසීය.
අදාළ කැණීම් කටයුතු සිදුකරන අධිකරණ වෛද්‍යවරැන් ප්‍රකාශ කර සිටියේ මෙසේ ඇටසැකිලි සමග හමු වූ මුතුමාල නිශ්චිත වශයෙන්ම මියගිය අයගේද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවත්, ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ඉදිරියේදී සිදුකරන බවත්ය. මෙම සමූහ මිනීවළේ තවත් කොතරම් මිනිස් ඇටසැකිලි සංඛ්‍යාවක් හමුවේද යන්න තමන් නොදන්නා බවද ඔවුහු පවසා සිටියහ.
වවුනියාව මධුෂංඛ අමරසිංහ