දේශපාලන භේදයෙන් තොරව ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට සැමවිටම සහාය දෙන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පැවසූහ.
අද (27දා) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ඔවුන් මෙසේ අදහස් දැක්වීය.
එළිසබෙත් ජීන් බියටී, ජෝන් පැන්ඩාසොෆොලොස්, මාෂා රෝස් තොම්සන් යන මහත්ම මහත්මීන් ඔස්ට්‍රේලියානු දූත පිරිසට අයත් වූහ.
2009 වසරේදී යුද්ධය අවසන් වී දින කිහිපයකට පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඔවුන් පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සිදුව ඇති පරිවර්තනය 'අතිශය ආකර්ශණීය' බවය.