(PICTURES) අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරවල සතියක් පුරා බලෙන් රැඳීසිටි තුන්සියයකට ආසන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අද(19දා) පෙරවරුවෙහි නේවාසිකාගාරවලින් ඉවත් වූහ. ඊයේ (18දා) පස්වරුවෙහි ශිෂ්‍ය භික්ෂූ ක්‍රියාකාරීන් පස්දෙනෙක් සමග අනුරාධපුර භික්ෂූ විශ්වවිද්‍යාලයේ උපකුලපති අග්‍රමහා පණ්ඩිත මහාචාර්ය තුඹුවැල්ලේ සීලක්ඛන්ද නාහිමියන් සහ උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතා සාකච්ඡාවක් පැවැත්වූහ.
එම සාකච්ඡාවේදී අනුරාධපුර භික්ෂූ විශ්ව විද්‍යාලයෙහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම, ශිෂ්‍ය භික්ෂූන් දසදෙනෙකුට නේවාසිකාගාර පහසුකම් ලබානොදීම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන බවටත්, වසාදමා තිබෙන භික්ෂු විශ්ව විද්‍යාලය ලබන මාර්තු 03 වැනිදා විවෘත කොට අප්‍රේල් 03 වැනිදාට පෙර ශිෂ්‍යභාවය අහෝසි කළ හා පන්ති තහනම් කළ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තීරණයක් ලබා දෙන බවත් අග්‍රමහා පණ්ඩිත මහාචාර්ය තුඹුවැල්ලේ සීලක්ඛන්ද කුලපති නා හිමියන් විසින් දුන් පොරොන්දුවත් සමග භික්ෂූන් වහන්සේලා නේවාසිකාගාරවලින් ඉවත් වීමටතීරණය කෙරිණි.
භික්ෂූන් වහන්සේවා ශිෂ්‍ය නේවාසිකාගරවලින් ඉවත්ව යන අවස්තාවේදී ගම් වාසීන් භික්ෂූන් වහන්සේලාට වැද නමස්කාර කිරීමටද අමතක නොකළේය.