බෝගම්බර බන්ධනාගාරය නැරඹීමට දිනකට තිස් දහසකට අධික ජනතාවක් පැමිණෙන බවත් ඉන් වැඩි පිරිසක් එල්ලුම් ගස නැරඹීමට උනන්දුවක් දක්වන බවත් එහි ජ්‍යෙෂ්ඨ අධිකාරී තිස්ස ජයසිංහ පැවසීය.
මහා සංඝරත්නයෙන්ද බන්ධනාගාරය නැරඹීමට විශාල උනන්දුවක් ඇති බව ඒ මහතා පැවසීය.
බන්ධනාගාර හා පුනරුත්තාපන අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා ද ඊයේ (18 වනදා) බෝගම්බර බන්ධානාගාරයට පැමිණ එය නැරඹූ අතර එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට තබා ඇති පොතද එහිදී ඔහුගේ නිරීක්ෂණයට ලක්විය.