ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 30 වන බදාදා
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන 09 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භක උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (22 දා) යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
09 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ජම්බෝරිය නැරඹීම සඳහා 23දා, 24දා, 25දා යන දිනවල පෙරවරු 10.00 සිට ප.ව. 4.00 දක්වා මහජනතාවට විවෘතව ඇති බව ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය සඳහන් කරයි.
සෑම දිනකම සවස 6.00 ට විශේෂ සංදර්ශන හා දක්ෂතා එළිදැක්වීමේ වැඩසටහනක්ද සංවිධානය කර ඇති බවද බාලදක්ෂ මූලස්ථානය පවසයි. යාපනය දිස්ත්‍රික්කයේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 100 ක් සපිරීම නිමිත්තෙන් සිදුකරනු ලබන යාපනය දිස්ත්‍රික් බාලදක්ෂ සියවස් සැමරුමද 09 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියට සමගාමීව පැවැත්වෙනු ඇත.
09 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා දෙස් විදෙස් බාලදක්ෂයන් 10,000 ක් පමණ සහභාගි වීමට නියමිතය. මෙහි ආරම්භය ඊයේ (20දා) යාපනයේදී සිදුවිය.
popular news
සිරි දළඳා වන්දනාකරුවෝ නොසන්සුන් වෙති
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
කළාවැවේ ජල කාන්දුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd