(UPDATE) මුන්දලම බස් අනතුරින් මරණයට පත්වූවන්ගේ සංඛ්‍යාව 7ක් බවට පත්ව ඇත. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 49ක් බවත් එයින් 47 දෙනෙකු රෝහල් ගත කර ඇති බවත් පොලීසිය කියයි. ඒ අනුව පුත්තලම රෝහලට තුවාලකරුවන් 27ක්, මුන්දලම රෝහලට තුවාලකරුවන් 9ක් හා හලාවත රෝහලට තුවාලකරුවන් 8ක් ඇතුළත්කර ඇත.
කොළඹ සිට යාපනය බලා ගමන්ගත් බස් රථයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 28ක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
අද (06දා) පෙරවරුවේදී මඳුරන්කුලිය, පුත්තලම ප්‍ර දේශයේදී මෙම අනතුරුව සිදුව තිබේ. තුවාලකරුවන් පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර